top of page

ආදිරිස්ගේ සෙනෙහස


"පුතේ,මෙතන ඉදන් රන්පොකුනුගමට බස් එකක් තියෙන්නේ කීයටද"

අදිරිස් ඇසුවේ නිට්ටඹුව බස් නැවතුම්පල අසල සිටගෙන සිටි තරුනයකගෙනි.


"තව විනාඩි 10 කින් තියෙන්නේ සීයේ.අර අතන නවත්තලා තියෙන්නේ එහාට යන බස් එක තමයි."තරුනයා අතක් ඔසවා බස් නවතුම්පලේ වම් පස කෙලවරේ නවත තිබු කුඩා බස් රතයක් පෙන්වීය.


ආදිරිස් වයස අවුරුදු 75ක් තරම් වු අයෙකි.පෙනුමෙන් ඉතා හීන්දෑරි ශරීරයකට හිමිකම් කියු ඔහු අවිද්දේ ඉතා සෙමින්ය.ආදිරිස් ගොවිතැනට හපනෙකි.වසර 50කට අධික කාලයක් ගොවිතැන් කිරීම නිසා ආදිරිස්ගේ ඇගිලි ඉතා රළුය.සම දුඹුරු පැහැ ගැන්වී ඇත්තේ ගිනි කාශ්ටක අවුවේ ගොවිතැන් කිරීම නිසාය.


"මේ උන්නැහේ,මේ බස් එක රන්පොකුනුගමටද යන්නේ?"

"ඔව්,අන්කල්ට කොහෙද යන්න ඕනේ"

"මාව රන්පොකුනුගමට හැරෙන්නේ,අර හන්දිය,අර බස් එක නවත්තන හන්දිය"

"ඌරපොල හන්දියද?"

"ආන් හරි,මාව එතනින් බස්සවපන් පුතේ"යැයි කියු ඔහු මාරු කාසි ඉහිපයක් බසයේ කොන්දොස්තර අත තැබීය.

ආදිරිස් විවාහ වුයේ එලින් හාමි සමගය.නමුත් විවාහ වී මාස කිහිපයක් යන්නට මත්තෙන් ඇය මිය ගියේ මී උණ සෑදීමෙනි.එලින් හාමිගේ වියෝවෙන් පසු තවත් විවාහයකට ආදිරිස්ගේ සිත යොමුවිය.මේ නිසා පින්චො හාමි සමග ඔහු අතිනත ගත්හ.


පින්චොහාමි හා ආදිරිස් දාව උපන් ලමුන් දෙදෙනෙකි.ගොවිතැනෙන් ලද සොච්චම ආදිරිස් විය පැහැදම් කලේ දරුවන්ගේ අධ‍යාපනය සදහාය.මේ නිසා ලමුන් දෙදෙනාම හොදින් අධ‍යාපනය හැදෑරුවෝ වෙති.මේ නිසා ඔවුනට තම දෙමව්පියන් අමතක විය.වැඩිමහල් පුතු කාටත් නොකියා රට පැන්නේ විදේශයකින් විවහයක්ද කරගැනීමේ අරමුන ඇතිවය.පොඩි පුතු රජයේ බැන්කුවක ඉහල නිලදාරියෙකි.ඔහු චරිත්ය.ඔහුද විවාහ වුයේ බැන්කු නිලදාරිනියක සමගය.ඉදහිට චරිත් ගමට ගියද,ඔහු සමග බිරිද කිසිවිටෙකත් නොආහ.ඇය පැමිනියේ පින්චො හාමිගේ මරණයට පමනි.එතැන් පටන් ආදිරිස් ජීවත් වුයේ පොඩි පුතු මසකට එවන සොච්ච්මෙනි.


"අන්කල්,ඌරපොලෙන් නේද බහිනව කිව්වේ."

"ආහ්,ඔව්,ඔව් පුතේ"

"එහෙනම් දැන් බහින්න.මේ ඌරපොල"

"ආහ්,හොදමයි පුතේ"


බසයෙන් බැසගත් ඔහු වට පිට බලා අසල වු ත්‍රීරෝද රතයක් වෙතට ගියහ.

"පුතේ,මේ අර,අර..බැන්කුවේ වැඩකරන මහත්තයා.එයාගෙ ගේ ගාවට යන්න පුලුවන්ද?"

"බැන්කුවෙ වැඩකරන,කවුද?චරිත් මහත්තයද?"

"ඔව්,ඔව් එයා තමා.මාව ඒ ගේ ලගින් දාන්නකෝ"

"ආහ්,නගින්න නගින්න අන්කල්"


විනාඩි 10 කින් පසු ත්‍රීරෝද රතය තට්ටු 2ක් නිවසක් ඉඩ්ඩිරිපිට නවත්තන ලදි.

"මෙන්න අන්කල් තැන"


වයෝර්ද ආදිරිස්ගේ හිස ඔසවා නිවස දෙස බැලුවේය.ඔහුට චරිත්ගේ කුඩා කල මතක් විය.තමා ගොවිතැන් කරන සැටි චරිත් බලා සිටි ආකාරය ආදිරිස්ට මතක් විය. ත්‍රීරෝද රත රියදුරු මත මුදල් තැබු ඔහු නිවසේ ගේට්ටුවට තට්ටු කරන්නට විය.


"කෞද ඔය.මොකද ගේට්ටුවට ගහන්නේ"

නිවස තුල සිටි කිසිවෙකු කෑ ගසන්නට විය.

"චරිත් මහත්තය,පුතා.චරිත්.ඉන්නවද"

ඒ සමගම ගේට්ටුව විව්‍රත විය.සිහින් සිරුරක් සහිත කොන්ඩය කඩා දමා සිටි කාන්තාවක් එහි විය.

"ඒ මොකටද චරිත් මහත්තය.අන්කල් කවුද?"

"ආහ්,දුව.මේ මම.අපේ පුතාලගෙ තාත්තා"

"චමරි.කවුද ඔය?"ගේ තුල සිට කිසිවෙකු අසන්නට විය.

"ආහ්,අන්කල් එන්න ඇතුලට.මේ,මෙන්න ඔයාලගෙ තාත්තා ඇවිල්ලා"

"මොනව.තාත්තේ.ඔයා?"පත්තරයක් අතින් ගෙන සිටි චරිත් පැමින තම පියා නිවස තුලට කැන්දවීය.


"තාත්තා මොකෝ මෙහෙ?"

"නෑ.මන් මේ උබලව බලල යන්න ආව"

"තාත්තා කිව්වනම් මන් එනවනේ බලල යන්න"

"කමක් නෑ මගෙ පුතේ"

"ඉන්න තාත්තට බොන්න දෙයක්,චමරි මේ තාත්තට බොන්න දෙයක් ගේන්න"

අසුනෙන් සිටගත් චරිත් කුස්සිය වෙතට යන්නට විය.


"චමරී,මොකෝ මේ.පැත්තකට වෙලා.කෝ තාත්තට මොනව හරි හදන්නකෝ"

"මේ,චරිත්,මොනාහරි බොන්න දීලා,සල්ලි ටිකක් දීල යවන්න"

"ඔයාට පිස්සුද?ඒ මගේ තාත්තා.එයා දවස් 2ක් 3ක් ඉදල යයි"

"හ්,මෙයා ඔයාලගේ තාත්තා කියල කියන්න පුලුවන්ද?බලන්න හැටි.අනික අද ඇනීටයි එයාගෙ ෆැමිලි එකයි එනවා.මෙයාව දැක්කොත් අපේ ස්ටේටස් ඉවරයි"


ඉන් පසු පැවතියේ දිගු නිහඩතාවයකි.ආදිරිස්ට මේ සන්වාදය හොදින් කන වැකිනි.තව මොහොතක් හෝ රැදි නොසිටි ඔහු කාටත් හොරෙන් යලි ගම රට බලා පිටත්විය.නමුත් ඒ වන විටත් චමරි හා චරිත් වාද කර කර ඉන්නට විය.

"ආහ්,මෙන්න තේ එක.ඕක දීලා සල්ලි ටිකක් එක්ක යවන්න."

"බලමු.මන් තාත්තාගෙන් අහන්නම්"

චරිත් තේ කෝප්පය රැගෙන සාලය දෙසට ගියහ.


"චමරී,චමරී"

"ඇයි,ඇයි"

"තාත්ත,තාත්ත නැහැ"

"මොනව,ඔය කොහේ හරි ඇති"

"මං බැලුව,කොහේවත් නැහැ.අපි කතා කරපුව තාත්තාට ඇහුනවත්ද දන්නෙ නැහැ"

"මේ මොකක්ද මේ?"

මේසය මත වු ෆයිල් කවරයක් චමරි චරිත්ට දුන්හ.

එය අතට ගත් චරිත් නිහඩව එය කියවන්නට විය.

"ඇයි,මොනාද ලියල තියෙන්නේ"

"තාත්තා අවිත් තියෙන්නේ සල්ලි ගන්න නෙමේ"

"එහෙනම්"

"ගමේ තියෙන ඉඩම් කෑල්ල අපේ නමට ලියපු ඔප්පුව අරන්"


නිමි

(වසර 15කට පෙර අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

මුල් නිර්මාණකරු අගය කිරිමක් වශයෙන් පල කරන ලදී)

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page