top of page

මොකද්ද මේ (Poke) පෝක් කරනවා කියන්නේ?


මොකද්ද මේ (Poke) පෝක් කරනවා කියන්නේ?

 

Facebook සමාජ ජාලය පාවිච්චි කරන පුද්ගලයෙක් තමන්ගේ මිතුරෙකුට "Hello" කියා පහසුවෙන් ආමන්ත්‍රණය කිරීමට පාවිච්චි කරන Option එකක් (ක්‍රමවේදයක්) විදියට "Poke" සරලව හදුන්වා දෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් "Poke" කියල හදුන්වන්නෙ ඇගිල්ලෙන් අනිනවාට නැත්නම් කෙනෙකුට කතා කරන්න ඇගිල්ලෙන් කරන තද කිරිම වගේ අදහසක් තමා තියෙන්නෙ.

 

කාලෙකට කලින් Facebook මේ පහසුකම හදුන්වාදී තිබූන අතර පසුව එය ඉවත් කළ අතර නැවත එය හදුන්වාදී තිබේ. Poke කියන මේ Option එකෙන් පුළුවන් තමන්ගෙ හදවතේ විශේෂ තැනක් තියෙන යාළුවෙක්ට Invite එකක් වගේ එකක් යවන්න. මේකට දිග වාක්‍ය ටයිප් කරන්න ඕනි වෙන්නෙත් නෑ.

 

මෙහෙම හිතන්නකෝ. ඔයාගෙ Friend list එකට අලුත් යාළුවෙක් එකතු වෙනවා. යාළුවගේ නම "කසුන්". ඉතින් මේ කසුන් හැමදාම ඔයා Facebook එකට Upload කරන පෝස්ට් වලට Like කරනවා. Comment කරනවා. හැබැයි කාලයක් යද්දි තමන්ගේ රැකියාවත් එක්ක බිසී වුණ කසුන්ට බැරි වෙනවා ඔයාගෙ පෝස්ට් වලට Comment කරන්න. Like එකක් විතරක් දාලා එයා සද්ද නැතුව ඉන්නවා. තව ටික දවසක් යද්දි කසුන්ට Like කරන්නත් බැරි වෙනවා. ඉතින් එතකොට ඔයාගෙ ඔළුවට "සමහර විට හැන්ඩිට මාව අමතක වෙලා ඇති.." වගේ අදහසක් එනවා. මෙතනදි තමයි ඔයාට Poke කියන Option එක ඕනි වෙන්නෙ. ඒ වගේම යාලුවෙකුට නිකන් තට්ටුවක් දානවා කතා බහක් හෝ යම් ආරම්භයක් ගන්න. ඒ වගේම කෙනෙකුට එක පාරට කතා කරන්න බැරි නිසා පෝක් කරල බලන්න පුලුවන් එයා නැවත පෝක්බැක් කරොත් ඒ කියන්නෙ කතා කරන්න අකමැත්තක් නෑ කියල ඔබට හිතා ගන්න පුලුවන්.

 

"මිත්‍රත්වය" කියන හැගීම හරි ලේසියෙන් මතක් කරවන්න පුළුවන් නිසා තමයි මේ Option එක මෙච්චර ඉක්මනට ජනප්‍රිය වෙන්නේ.

 

Poke Back කළාම මොකද වෙන්නෙ?

 

කසුන්ට තමන්ව අමතක වුණා කියලා හිතන ඔයා කසුන් වෙනුවෙන් මේ Poke කියන Option එක පාවිච්චි කළොත්, ඒ වගේම කසුන් ඔයාව නැවත Poke back කලොත් කසුන්ගේ වෝල් එකේ ඔයාගෙ පෝස්ට් පෙන්නන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ වෝල් එකේ කසුන්ගේ පෝස්ට් පෙන්නන්න පටන් ගන්නවා. ඉතින් මෙතන්දි කසුන්ගෙයි ඔයාගෙයි යාළුවකම ඉබේම අලුත් වෙනවා.

 

ඔයාට කවදාහරි Poke කියන මේ Option එක පාවිච්චි කරලා කසුන්ගෙන් invite එකක් ආවොත් Poke Back කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා කසුන්ට විශේෂ කෙනෙක්. අලුත් ආදරයක් පටන්ගන්නත් Poke හේතුවක් වෙන්න පුළුවන්.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 52 229 9862

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp :

+94 715 418 199

Award for revo site.png

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site.png

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site.png

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

313226774_438075541795529_6609000483695775194_n.jpg

Member of

Accredited Advertising

Association in Sri Lanka.

IAA_New_Logo_Global.png

International

 Advertising Association

327420935_3499762116919824_5009122692849412044_n.jpg
google-business-trusted.png
hero-trustpilot-logo.png
Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
top.png
Top Advertising & Marketing Agency.png
Hubspot - Digital Advertising.jpg
Clutch-Awards.bmp
IDB.png

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page