top of page

වටිනා දේවල් කොච්චර මග ඇරෙනවාද? The Value

  • Writer: Admin
    Admin
  • Mar 1, 2023
  • 5 min read

Updated: Mar 2, 2023

ඔබ මේ ලිපිය කියවන් නැතුව ගියා කියන්නෙ වැදගත් තවත් දෙයක් අහිමි වෙනවා


In the New York subway, a violinist performed for 45 minutes. A few people stopped to listen, a couple clapped, and the violinist received about $30 in tips. Nobody knew it, but the violinist was Joshua Bell, one of the world's best musicians. With a violin worth 3.5 million dollars, Joshua performed one of the most sophisticated pieces ever composed in that subway.

Joshua Bell sold out a Boston theater two days before his performance in the subway, with seats averaging around $100. The experiment demonstrated that the extraordinary does not shine in an ordinary setting and is frequently overlooked and undervalued.

–––––

There are brilliantly talented people all over the world who are not being recognized and rewarded. They thrive and grow when they arm themselves with value and confidence and remove themselves from an environment that isn't serving them.

Your gut instinct is telling you something. If telling you where you are isn't enough, listen to it! Go to a place where you are valued and respected. Know Your Worth.

සීත සෘතුවේ තවත් එක්‌ උදෑසනක්‌. කාර්යාලවලට යන්න ඒ වගේම පාසල් වලට යා ගන්නට හැමෝම ලහි ලහියේ සූදානම් වන තවත් එක්‌ හිමිදිරියක්‌. හරියටම කියනවා නම් වෙලාව උදේ 7.51 යි.

තම තමන්ගේ කටයුතුවලට හැම දෙනාම කඩි මුඩියේ දිව යන මේ මොහොතේ ඇමරිකාවේ වොෂිංටන් ඩී සී ප්‍රධාන දුම්රිය නැවතුම් පොළට බොහොම ප්‍රසන්න පෙනුමක්‌ තිබුණු තරුණ මිනිසෙකු ඇතුළු වුණා. ඩෙනිම් කලිසමකින් සැරසී සිටි මේ මිනිසා තොප්පියක්‌ ද හිස ලා ගෙන සිටියා. මේ ගොඩනැඟිල්ල තියෙන භූමියේ තවත් කාර්යාල ගොඩකුත් තිබුණු නිසා හරිම කලබලයක්‌ තමයි එතැන තිබුණේ. තමන්ගේ කෝච්චි අල්ලා ගන්නටත්, රැකියා ස්‌ථානයට යා ගන්නටත් තමයි හැම දෙනාම මේ තරම් කඩිමුඩියේ එහේ මෙහේ දිව යමින් හිටියේ. ඒත් මේ කලබලය නොදැක්‌කා වගේ අර කලින් කිව්ව පුද්ගලයා විතරක්‌ බොහොම නිසොල්මනේ දුම්රිය ගොඩනැගිල්ලේ ආලින්දයට ඇතුළු වෙලා තමන් අත තිබුණු සැහැල්ලු ගමන් මල්ල බිමින් තිබ්බා. ඊට පස්‌සේ ගමන් මල්ලෙන් යමක්‌ අතට ගත්තේ වටපිට ගැන කිසිම අවධානයක්‌ නොපෙන්වමින්. ඉතින් ඔහු අතට ගත්තේ මොකක්‌ද? ඒ වයලීනයක්‌. වයලීනය අතට ගත්ත මේ මිනිසා නිසොල්මනේ ඒක වාදනය කරන්නට පටන් ගත්තා. අහල පහළ කිසිම දෙයක්‌ නොබලා තමන්ගේ සංගීතය ගැන විතරක්‌ම අවධානය යොමු කරමින් මේ නන්නාඳුනන මිනිසා දිගටම වයලීනය වයන්නට පටන් ගත්තා. හරියටම කියනවා නම් විනාඩි හතළිස්‌ පහක්‌ම ඔහු එක දිගටම සංගීත ඛාණ්‌ඩ හයක්‌ වාදනය කළා. දුම්රිය ගොඩනැගිල්ලේ ආලින්දයේ ඉඳන් ඔහු මේ වාදනය කරන කාලය තුළ මිනිසුන් දහසකට අධික ගණනක්‌ ඔහු පසුකර ගෙන ගියා. එක්‌තරා වෙලාවක මැදිවියේ මිනිසෙකු විතරක්‌ ඔහුගේ වාදනය ළ`ග මොහොතක්‌ නතර වුණා. ඒත් ඒ තත්පර කිහිපයකට විතරයි. ආපහු පැමිණි වේගයෙන්ම ඔහු ආපහු යන්නට ගියා. වයලීනය වාදනය කරන මේ නන්නාඳුනන තැනැත්තාට මුල්ම මුදල් ආධාරය හම්බ වුණේ කාන්තාවකගෙන්. ඒත් ඇය තමන් අත තිබූ ඩොලරය මේ වයලීන් වාදකයා දිහාවට විසි කරමින් ලහි ලහියේ දිව ගියා මිසක්‌ අඩුම තරමින් තත්පරයක කාලයක්‌වත් එතැන රැඳුනේ නැහැ. තවත් මිනිසෙකු මොහොතක්‌ බිත්තියකට හේත්තු වෙලා ඔහුගේ වාඳනයට සවන් දෙන බවක්‌ පෙනුනත් ඒ ඉතාම සුළු මොහොතකට විතරයි. හදිසියේම තමන්ගේ අත් ඔරලෝසුව දිහා බලපු ඔහුත් සෙස්‌සන් වගේම කලබලකාරී මිනිසුන් රැළට එකතු වුණා. මිනිසුන් දහස්‌ ගණනක්‌ එහේ මෙහේ පසුකරමින් ගිය මේ ස්‌ථානයේ අප සඳහන් කරන නන්නාඳුනන වයලීන වාදකයාට වැඩිම අවධානයක්‌ ලැබුණේ අවුරුදු තුනක්‌ වයස පුංචි පුතෙක්‌ගෙන්. වයලීන වාදකයා ඉදිරියේ නතර වෙලා මේ සංගීතයට සවන් දෙන්න උත්සාහ කළ මේ පුංචි දරුවාව ඇදගෙන යන්න ඔහුගේ අම්මා දැඩි උත්සාහයක්‌ ගත්තත් පුංචි පුතාගේ හිත තිබුණේ තවත් ටිකක්‌ වෙලා එතැන රැඳෙන්නයි. ඒත් අම්මා තදින්ම පුතාව තල්ලු කරගෙන යන්න ගියා. අම්මා ඇදගෙන යද්දිත් පුතා සැරෙන් සැරේ ඔලුව හරවලා මේ වාදකයා දිහා බලන්න උත්සාහයක්‌ ගත්තා. ඒ වගේ අවස්‌ථාවන්නම් තවත් දෙක තුනක්‌ම වුණා. ඒ කියන්නේ වරින් වර වාදනය දිහා අවධානය යොමු කළ පුංචි දරුවන්ව අම්මලා තාත්තලා ඇදගෙන ගියේ මොහොතක්‌වත් සුනංගු වෙන්නට ඉඩක්‌ නොදෙමින්. මේ වාදනය සිදු වුණු විනාඩි 45 ක කාලය පුරා මිනිසුන් 1070 කට අධික පිරිසක්‌ ඒතැනින් එහේ මෙහේ ගියා. ඒත් වාදකයා ඉදිරියේ මොහොතකට හරි නතර වුනේ මිනිසුන් හය දෙනෙක්‌ විතරයි. මිනිසුන් විස්‌සක්‌ විතර වාදකයා දිහාවට සල්ලි විසි කළත් ඒ අය කවුරුත් ඔහු ඉදිරියේ සුලු මොහොතකටවත් නතර වුණේ නැහැ. මේ කාලය තුළ දී වාදකයාගේ පයපාමුල එකතු වුණ මුදල ඩොලර් 32 ක්‌. සමහරුන් සතය දෙක පවා දාලා තිබුණා. එක දිගටම පැයකට ආසන්න කාලයක්‌ කළ වාදනය නිමා කරමින් මේ මිනිසා නිහ`ඩව තම වයලීනය උරහිස මතින් පහතට ගත්තා. කිසිම කෙනෙකුගේ අවධානයක්‌ නැතිවම. ඒ වගේම කාගේවත් අත් පොළසන් නාදයක්‌ නැතිවම. ඔහු හිමින් සීරුවේ තමන්ගේ වයලීනය ඊට හිමි බෑගයේ දමා ගත්තා. ජනාකීර්ණ දුම්රිය පොළේ පදිකයන් එහේ මෙහේ ගිය ආලින්දයේ සිටි මේ නන්නාඳුනන මිනිසා බෑගය තුළ රුවා ගත්තේ ලොව මිල අධිකතම වයලීනය කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..? ඔව් එය ඩොලර් මිලියන තුන හමාරක්‌, ඒ කියන්නේ රුපියල් කෝටි 35 ක්‌ වටිනා ලොව මිල අධිකම වයලීනයයි. ඒ වගේම මිනිත්තු 45 ක කාලයක්‌ පුරා ඔහු වාදනය කළේ එතෙක්‌ මෙතක්‌ ලොව බිහිවූ අති විශිෂ්ටතම සහ වැයීමට අපහසුම වූ අතිශය දුර්ලභ සංගීත ඛණ්‌ඩයක්‌. ඒ වගේම දුම්රිය පදික වේදිකාවේ මේ වාදනයේ යෙදුණු නන්නාඳුනන මිනිසා කවුදැයි ඔබ දන්නවාද...? ඔහු තමයි දැනට ලොව විශිෂ්ටතම ජීවමාන වයලීන් වාදකයා ලෙස සැලකෙන ජොෂුවා බෙල් (Joshua Bell). දුම්රිය වේදිකාවේ මේ වාදනය කරන්නට දවස්‌ දෙකකට කලින් බොස්‌ටන් රහලේ දී ඔහු කළ වාදනය සදහා ආසනපත් විකුණුනේ එක්‌ ආසයනයක්‌ ඇමරිකන් ඩොලර් සියයක මුදලකට. මේ කී හැම දෙයක්‌ම ඇත්තම සිදුවීම්. කිසිම කෙනෙකුට කලින් නොදන්වා පදික වේදිකාවේ වාදකයකු විදියට දුම්රිය වේදිකාවේ ආලින්දයේ ජොෂුවා බෙල් කළ මේ වාදනය සංවිධානය කළේ වොෂිංටන් පෝස්‌ට්‌ (Washington Post) පුවත්පතයි. සිදුවන හැම දෙයක්‌ම පටිගත කර ගැනීම සදහා ඔවුන් රහසිගතව එහි හැම තැනම කැමරා සවි කර තිබුණා. වොෂිංටන් පෝස්‌ට්‌ පුවත්පත මේ කටයුත්ත සිදු කර තිබුණේ ඔවුන් විසින් සිදුකරනු ලබන සමාජ සමීක්‌ෂණයක තවත් එක්‌ පියවරක්‌ විදියට. එතකොට මොකක්‌ද මේ සමාජ සමීක්‌ෂණයේ අරමුණ වුණේ...? අරමුණ පැහැදිලියි. අනපේක්‌ෂිත මොහොතක බොහොම පොදු ස්‌ථානයක දී සිදුවන යමක සුන්දරත්වය වටහා ගන්නට අපට හැකි ද...? ඒ සුන්දරත්වය වි`දින්නට මොහොතක්‌ නතර වී එය අගය කරන්නට අපට හැකි ද...? අනපේක්‌ෂිත මොහොතක සිදුවන යමක ඇති අපූර්වත්වය එහෙමත් නැතිනම් එහි ඇති විශිෂ්ටත්වය වටහා ගන්නට අප සමත් වෙනවාද...? සමාජ සමීක්‌ෂණයේ අරමුණ වුණේ ඒ කරුණුයි. මේ සමීක්‌ෂණය බටහිර මෙන්ම ජපානය වැනි රටවල විවිධාකාර සංස්‌කෘතීන් අතරේ මේ විදියේ ස්‌ථාන කිහිපයකම සිදුවුණා. ඒත් ප්‍රතිඵලයේ කිසිම වෙනසක්‌ වුණේ නැහැ. මේ සමීක්‌ෂණය අවසානයේ අතිශය වැදගත් එළඹුමකට මාවත විවර වුණා. ඒ තමයි ලොව දක්‌ෂතම වයලීන් වාදකයා විසින් ලොව මිල අධිකතම වයලීනය මගින් ලොව මෙතෙක්‌ බිහි වූ අතිශය දුර්ලභ සහ විශිෂ්ටතම සංගීත ඛණ්‌ඩය වාදනය කරනු ලබද්දී මොහොතකට නැවතී එයට සවන් දෙන්නට හැකියාවක්‌ අපට නැතිනම් අපේ ජීවිතයේ කොයි තරම් වැදගත් අවස්‌ථාවන් අපෙන් ගිලිහී යනවා ඇතිද යන කාරණය. මේ සමීක්‌ෂණය ඇමරිකාවේ විතරක්‌ නෙමෙයි ලංකාවේ කොළඹ කොටුවේ සිදු කළත් ප්‍රතිපලයේ වෙනසක්‌ බලාපොරොත්තු වෙන්නට බැහැ. මේ විදියේ අපූරු සමීක්‌ෂණයක්‌ කිරීම මගින් වොෂිංටන් පෝස්‌ට්‌ පුවත්පත ජීවිතය ගැන අලුත්ම කවුළුවක්‌ විවර කරලා තියෙනවා. අද අප ජීවත් වෙන සමාජ රටාව හමුවේ ලැබෙන සුළු මොහොතක පවා ජීවිතය විදින්නට අප පෙළඹෙනවාද කියන කරුණ තමන් තමන්ගෙන්ම ප්‍රශ්න කර ගන්න ඕන කරුණක්‌. උදේ හවස දකින ගහක පිපුණු මලෙක එහෙමත් නැතිනම් හැමදාමත් ඇහැ ගැටෙන පුංචි දොළ පාරක අසිරිය වගේ පරිසරයේ සුළු දෙයක්‌ පවා හැමදාම අපූර්වත්වයෙන් බලන්නට පුළුවන් නම් බාධක කම්කටොලු අතරේ වුණත් ජීවිතය කොයි තරම් සුන්දර කරගන්න පුළුවන්ද... ? අද අප ජීවත් වන්නේ අතිශය දියුණු තාක්‌ෂණික මෙවලම් වලින් පිරුණු ලෝකයක. ඒ වගේම මිනිසුන්ගේ පහසුව පිණිස විවිධාකාර යාන වාහන උපකරණ බිහිවුණු ලෝකයක. ඒ හැම දෙයක්‌ම බිහි කරලා තියෙන්නේ මිනිසුන්ගේ කාලය ඉතිරි කරන්නයි. ඒත් අන් කවරදාටත් වඩා කාලය මදි වූ බවක්‌ තමයි අද අපිට දැනෙන්නේ. උපාධි සහතික වලින් පිරුණු උගතුන් බොහොමයක්‌ හිටියත් සාමාන්‍ය බුද්ධියක්‌ ඇත්තේ ඒයින් කීයෙන් කී දෙනාටද...? හැම අංශයකම විශේෂඥයන් දැනමුත්තන් පිරිලා හිටියත් වෙන කවරදාටත් වඩා අද මුළු ලෝකයම විසදා ගත නොහැකි ගැටලු රාශියක ගිලිලා. බොහොම දේවල් කියෙව්වත් ලිව්වත් ඒවායින් සැබවින්ම යමක්‌ ඉගෙන ගන්නේ අප අතරින් කීයෙන් කී දෙනෙක්‌ ද? බොහොමයක්‌ දේවල් සැලසුම් කළත් ඒ සැලසුම් සැබෑ ලෙසින්ම සාර්ථක කරගන්නට උත්සාහ ගන්නේ කොයි තරම් අල්ප පිරිසක්‌ ද? මේ නිසාම තමන්ගේ ගොඩ ප්‍රමාණාත්මකව වැඩි කර ගන්නට මිසක්‌ ඒවායේ ගුණාත්මක බව වැඩි කරගන්නට කිසිම කෙනෙකුට උවමනාවක්‌ නැහැ. පොදුවේ ගත්තම මිනිසුන් විදියට අපේ පරපුර අද ඉගෙන ගෙන තියෙන්නේ දිවයන්න මිසක්‌ නතරවෙන්න නෙමෙයි. ඒත් ජීවිතය කියන්නේ එකිනෙකට බද්ධ වෙලා ගලා ගෙන යන උණුහුම් සිද්ධි දාමයක්‌ කියලා බොහොම දෙනෙක්‌ට අමතක වෙලා. මේ කතාවට අදාල විඩියෝවට මෙතන ක්ලික් කරන්න රෙවෝ ඇඩ්වර්ටයිසින් ඔබේ ව්‍යාපාරයට සහය වෙන්න එන අවස්ථාවලදි ඔබ ඒ යෝජනාවන් ප්‍රතික්ෂේප කළොත් ඔබටත් මේ වගේ වටිනා අවස්ථාවන් මගහැරෙන්න පුලුවන්. ව්‍යාපාරයක දියුණුවට අත්‍යවශ්‍ය දෙයක් තමයි ලැබෙන අවස්ථාවන්.......


 
 
 

Kommentare

Mit 0 von 5 Sternen bewertet.
Noch keine Ratings

Rating hinzufügen
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp :

+94 715 418 199

Award for revo site.png

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site.png

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site.png

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

313226774_438075541795529_6609000483695775194_n.jpg

Member of

Accredited Advertising

Association in Sri Lanka.

IAA_New_Logo_Global.png

International

 Advertising Association

327420935_3499762116919824_5009122692849412044_n.jpg
google-business-trusted.png
hero-trustpilot-logo.png
Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
top.png
Top Advertising & Marketing Agency.png
Hubspot - Digital Advertising.jpg
Clutch-Awards.bmp
IDB.png

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page