top of page

වෙබ් අඩවියක් හදාගන්න කලින් ඔබ මේ දේවල් දැන සිටිය යුතුයි.

  • Writer: Admin
    Admin
  • Mar 11, 2024
  • 6 min read


ඔබේ අවශ්‍යතා සහ ඉලක්ක ඔබම පැහැදිලි කරගන්න

මුල්ම පියවර සම්පුර්ණයෙන්ම ඔබේ අතේ තියෙන්නෙ. ඔබට අවශ්‍ය වෙබ් අඩවියට ඇතුළත් විය යුතු දේ ඔබම පැහැදිලි කරගන්න. තනිවම සිතන්න හෝ නැතිනම් ඔබේ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරන්න.

ඔබේ වෙබ් අඩවියක් හදන්නේ මොන විදිහේ අවශ්‍යතාවයක් නිසාද? (උදා. බිස්නස් වැඩිකරගන්න, නිෂ්පාදන විකිණීමට, පාරිභෝගිකයන් සොයා ගන්න, ව්‍යාපාරය ගැන තොරතුරු ප්‍රදර්ශනය කිරීම, සන්නාම දැනුවත්භාවය හෝ ගොඩනැගීම) ඔබේ ඉලක්කගත පාරිභෝගිකයන් කවුද? (ඔවුන් පැතිරී සිටින ප්‍රදේශ, රුචිකත්වයන්, අවශ්‍යතා)

ඔබේ ඉලක්කගත පාරිභෝගිකයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ අරමුණු ගැන ඔබට නිශ්චිත අදහසක් තිබිය යුතුයි. වැඩේ කරන සම්පූර්ණ ක්‍රියාවලිය දැන් විස්තර කරනවා.

 

වැඩේට ගැලපෙනම ආයතනයක් හොයා ගන්නෙ කොහොමද

·         ඔබට මේ සදහා ක්‍රම ගණනාවක් තියෙනවා ගූගල් හෝ ෆේස්බුක් ඔස්සේ දකින දැන්වීමකට කතා කිරීම.

·         ගූගල් සර්චි කර ලබා ගන්නා තොරතුරු මගින් (සර්චි කිරීමට - web design company Sri Lanka, Sri Lanka best web designers, Best advertising agency in Sri Lanka, Best website design agency, digital marketing agency)

·         ඔබ දකින ක්‍රමවත්, අලංකාර වෙබ් අඩවි නිර්මාණය කර තිබෙන ආයතනවල නම් ලැයිස්තුවක් හදා ගන්න.

·         සම්මාන දිනා ඇති වෙබ් අඩවි නිර්මාණය කරන ආයතන ගැන වැඩි අවදානයක් දෙන්න.

·         ලිපිය අවසානයේ ඔබට සුදුසුම ආයතයන අපි සදහන් කරලා තියෙනවා.

 



සන්නිවේදනය සහ පාරිභෝගික සේවය

·         ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න ආයතනයකට කතා කරද්දි කාරුණිකව සහ වෘත්තීමය මට්ටමින් ඔබ හා කතා බහ කරන ආයතනයක් තොරාගන්න. ඔවුන්ගේ ආචාරශීලී බව ඔබට ඉතා වැදගත්. එමගින් ඔබට පහසුවෙන් සන්නිවේදන කටයුතු කරගන්න සහ ඉහළ සේවාවක් ලබා ගන්න හැකි වෙනවා. ඒ සන්නිවේදන රටාව අනුව ඔවුන් වෘත්තීමය වශයෙන් ගනුදෙනු කරන්න සුදුසු ආයතනයක් බව හැගවෙනවා.

·         ඔබේ වෙබ් අවශ්‍යතාවය හා බලාපොරොත්තු අනුව සැළසුම ඔවුන්ට පැහැදිලිව කියන්න. ඔබ නොදන්නා අංශ ඔබට කියා දෙන ඔබේ ප්‍රශ්න සහ ගැටළු වලට ප්‍රතිචාර දැක්විය හැකි සමාගමක් තෝරන්න. ඔබ මොන ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්න පුළුවන් මට්ටමේ ආයතනයක් නම් ඔවුන්ට හොද අත්දැකිම් සහ පළපුරුද්දක් ඇති බව අවිවාදයෙන්ම කියන්න පුළුවන්.

·         තාක්ෂණිකව ඔබ නොදන්නා කරුණු ගැන සරළව ඔබට පැහැදිලි කර දෙන ඔබට වාසිදායක වන අයුරින් සේවාවන් ලබා දීමට කැපවන ආයතනයක් තොරා ගන්න.

·         ඔබේ අවශ්‍යතාවය ඔවුන්ට පහසුවෙන් තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනෙ.

·         වෙබ් අඩවියක් සැළසුම් කිරීමේදී සහ සංවර්ධනය කිරීමේදී වෙබ් අඩවිය නිර්මාණය කරන සමාගමෙන් ඔබට මඟ පෙන්වන ලෙස ඉල්ලා සිටින්න.

 

 

පළපුරුද්ද සහ කරපු වැඩ

·         තනි වෙබ් නිර්මාණකරුවෙක් තෝරා ගන්නවාට වඩා ආයතනයක් තෝරා ගැනීමේදී ඔවුන්ගේ වැඩි පිරිස් බලයක් සහ එක් එක් කොටස්වලට විශේෂඥ වූ කිහිප දෙනකෙු වැඩ කරන නිසා ඔබට අඩු මිලකට ඉහළ වටිනාකමක් ගන්න පුළුවන් වෙනවා. (වත්මන් ව්‍යාපාර තරගකාරී බවට තනි මොළයක් වෙනුවට මොළ කිහිපයකින් කරන වැඩවල බලය වැඩියි.)

·         ඔවුන් කලින් හදල තියෙන වෙබ් අඩවිවල ආකර්ෂණිය බව වගේම ඒවා හරියට වැඩ කරනවාද, අඩුපාඩු නැතිව තියෙනවාද පරික්ෂා කරලා බලන්න.

·         වෙබ් අඩවි නිර්මාණය කරන සමාගම් කිහිපයක් අතරින් වැඩිම දැනුමක් සහ අත්දැකීම්ක් ඇති සමාගමක් තොරාගන්න.

·         ඔබේ  ව්‍යාපාර කාණ්ඩයේ වෙබ් අඩවියක් මින් පෙර ඔවුන් නිර්මාණය කර නැති වුනාට ගැටළුවක් නෑ. දක්ෂ කණ්ඩායමකට විෂය දන්නවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වදවෙන්න එපා.

·         කලින් වැඩ කරගත්තු සේවාලාභීන් මේ ආයතනය ගැන මොනවද කියල තියෙන්නෙ කියල හොදට හොයල බලන්න (ගූගල් රිව්ව, ෆේස්බුක් රිව්වි සහ කමන්ට් ආදී සොයන්න)

 

 

වියදම සහ මිල

·         තීරණයක් ගැනීමේදී සම්පුර්ණයෙන්ම මිල දෙස බලා තීරණ ගැනීමෙන් වළකින්න. (ලාබ දේ බාලයි)

·         සම්පුර්ණයෙන්ම මිල දෙස බලා තීරණය ගැනීමෙන් සමහර විට මුදල් වියදම් වෙලත් වැඩේ හරියට කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා වැඩේ හොදට වෙයිද කියන එක මුලින්ම බලන්න. (පළමුව වැඩේ දෙවනුවට මිල)

·         මිලට සාපේක්ෂව ඔබට ලැබෙන ප්‍රතිලාභ සන්සන්දනාත්මකව බලන්න.

·         ආයතන දෙකක් අතර මිල පරතරය තුළ වැඩි මිල ඇති ආයතනයෙන් වැඩි යමක් ඔබ ලබනවාදැයි කල්පනා කර බලන්න (සමහර විට එය උපදෙස්, දැනුවත් කිරීම්, දිරි ගැන්වීම්, නව අවස්ථා පෙන්වාදීම්, උපදේශකත්වය වැනි)

·         ඔබේ අතේ ඇති මුදලට වැඩේ කරගන්න සමහර විට යම් යම් කොටස් අඩු කරගන්න වේවි. ඔබට වැඩි පුර මුදල් තිබෙනවා නම් අමතර සේවාවන් අරගෙන වැඩි ප්‍රතිලාභ ගන්න.

·         ඉදිරි වසර සදහා ඔවුන්ගේ සේවා සහ අය කිරීම් ගැන අනිවාර්යයෙන් විමසන්න.

·         අමතර උපාංග හෝ අංශයන් ඇතුළත් කරද්දි අමතර මිලක් එකතු වෙන්න පුළුවන්. කල් ඇතිව ඒවා ගැන සහ මිල දැනගන්න.

·         ඇඩ්වාන්ස් මුදලක් මුලින් ගෙවා වැඩේ සම්පුර්ණ කළ පසු ඉදිරි මුදල දෙන ආකාරය දෙපාර්ශවයට වාසි හා පහසු දායකයි.

·         ඩිස්කවුන්ට් ලබා දෙන ලෙස හෝ වෙනත් වැඩි යමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න. නමුත් මිල අඩු කිරීමට හෙට්ටු කිරීමෙන් වළකින්න එය ඔබේ ප්‍රතිරූපයට සහ වණිජමය ගනුදෙනුවකට සුදුසු දෙයක් නෙවෙයි.

·         ඔබ මුදල් වියදම් කිරීමක් නොව එය ආයෝජනය කිරීමක් යැයි සිතන්න, එමෙන්ම එය ආයෝජනයක් ලෙස ප්‍රතිලාභ ලැබෙන අයුරින් කාර්ය කර ගැනීමට ඔබේ අවධානය ලබා දෙන්න.

·         ඩොමේන්, සර්වර් ආදී සියලු වගකීම් සේවය ලබා ගන්නා ආයතනයට පවරනවා නම් ඔබට වැඩි පහසුවක් වේවි.


පිරිනමන සේවාවන්

 

·         සමාගම විසින් සපයනු ලබන වෙනත් හා සමගාමී සේවා කාණ්ඩ ගැන බලන්න. (සියලු සේවාවන් ඔවුන්ගෙන් ලබා ගත හැකි නම් ඔබට පහසුයි සහ අමතර නොමිලේ සේවාවක් හෝ ඩිස්කවුන්ට් එකක් ඉල්ලන්න.)

·         ඔවුන් වෙබ් Design හෝ Developing, SEO සහ අඛණ්ඩ නඩත්තු කිරීම් ලබා දෙනවාද? එවැනි සේවාවන් ලබා දෙන ආයතනයක් තෝරා ගන්නවා නම් ඔබට විශාල පහසුවක් වේවි.

·         ඔබට අවශ්‍ය සියලුම සේවා සැපයිය හැකි ආයතනයක් තෝරා ගැනීම වාසි මෙන්ම පහසුයි.

·         වෙබ් අඩවි නිර්මාණයට අමතරව වෙනත් තාක්ෂණික හෝ අලෙවිකරණ හා වෙළෙද ප්‍රචාරණ සේවාවන් ලබා දෙන ආයතනයක් නම් ඔබේ ව්‍යාපාරයට එයින් තවත් වැඩි බලයක් ලැබේවි.

·         ඔවුන් පෙන්වන ටෙම්ප්ලේට් හෝ විශේෂයෙන්ම ඔබට සාදන වෙබ් අඩවියක් නම් වෙනස්කම් කළ හැකි නොහැකි සීමාවන් ගැන දැනුවත් වෙලා වැඩ කරන්න ගන්න.

·         කොපමණ කාලයක් වැඩේට ගත වෙනවාද කල් ඇතිව පැහැදිලිව දැනගන්න.

·         වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු ඡායා රූප සහ ලියන ලද තොරතුරු පැහැදිලිව පරීක්ෂා කරන්න. ජායා රූප ඔබට සතුව නැතිනම්, ඒවා අන්තර්ජාලයෙන් සොයාගත හැකිනම් වැඩේ පහසුයි. නමුත් ඔබට අනන්‍ය වූ නිෂ්පාදනවල ඡායා රූප වගේ දේවල් යොදනවා නම් ඔබට ෆොටෝ ෂුට් එකක් සදහාත් කටයුතු කරන්න වේවි. නමුත් එමගින් ඔබට දිගු කාලීන වාසියකුත් ලැබෙනවා. (එම ජායා රූප සෝෂල් මීඩියා වැඩවලට යොදා ගත හැකියි.)

·         සැම වෙබ් අඩවියක් සහ වසර පුරා එය නඩත්තු කරන වගකීම ඔවුන් ගන්නවා දැයි බලන්න. ඒ වගේම හදිසි බිද වැටීමකදී ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවාද? අනාගතයේ යම් වෙනස්කමක් කර ගන්න අවශ්‍ය වුනොත් එය කරගත හැකි දැයි සැළකිලිමත් වෙන්න.

 


තාක්ෂණික විශේෂඥතාව

 

·         ඔබේ ව්‍යාපාරයේ නම හෝ නම සමග ව්‍යාපර ස්වභාවය හැගවෙන කෙටි ඩොමේන් නාමයක් ලබා ගන්න සැළකිලිමත් වෙන්න. (AbcFashion.com, XYX Ironworks.lk, SirimathFood.com, XYZschool.com)

·         ඩොමේන් නේම් (වෙබ් අඩවියේ ලිපිනය) ලබා ගන්න විට එය ඔබේ ව්‍යාපාරයේ නමට හෝ ඔබට අයිති වන ලෙස ලබා දෙන්න අනිවාර්යයෙන් කියන්න.

·         වෙබ් අඩවිය අනිවාර්යයෙන්ම ජංගම දුරකථන හෝ ටැබ් මගින් වුනත් පහසුවෙන් බලන්න පුළුවන් වන ආකාරයට හදාගන්න. ඒක අත්‍යාවශය කරුණක්.

·         හැකර් ප්‍රහාර එල්ල වන නිසා වෙබ් අඩවියේ ආරක්ෂිත බව විශේෂයෙන් ඊකොමර්ස් මාදිලියේ වෙබ් අඩවියක් නම් බැංකු හා ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සිදුවන නිසා ඒවාටම වෙන්වූ ආරක්ෂක ක්‍රියාමාර්ග යොදවන ලෙස කණ්ඩායමෙන් විශේෂයෙන් ඉල්ලීම් කරන්න.

·         ඔබේ ව්‍යාපාරයේ සමාජ ජාලා පිටු සියල්ල වෙබ් අඩවිය හා සම්බන්ධ කරන්න.

·         ඔබ ලබා දෙන තොරතුරු නිර්මාණය කරන ආයතනය නිවැරදිව ඇතුළත් කර ඇති දැයි බලන්න.

·         වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ කුමන තාක්ෂණයක් පදනම් කරගෙනද කියල ඔබ දැන සිටිය යුතුයි.

·         වෙබ් අඩවි සත්කාරකත්වය, ආරක්ෂක පියවරයන් සහ අන්තර්ගත කළමනාකරණ පද්ධති (CMS) පිළිබඳ ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ට හැකි විය යුතුය.

·         වෙබ් අඩවිය නිතර නිතර අප්ඩේට් කිරීමට අවශ්‍ය නම් ඒබව නිර්මාණය කරන ආයතනයට දැනුම්දීලා ඔබට වැඩේ පහසුවෙන් හසුරුවාගන්න පුළුවන් විදිහට හදා ගන්න සහ ඊට ඔබ හෝ ඔබේ කෙනෙකු පුහුණුවක් ලබා ගන්න.

·         ඔබ ලංකාවට සුවිශේෂීව වෙබ් අඩවියක් නිර්මාණය කරනවා නම් සිංහල හෝ දෙමල භාෂා අන්තර්ගත කරනවා නම් හෝ ස්වයංක්‍රීය පරිවර්තනයක් යොදනවා නම් වඩාත් සුදුසුයි. වෙනත් රටවල් ඉලක්ක කරන්නේ නම් අදාළ රටවල භාෂා)

 

මෙන්න අමතර උපදෙස් කිහිපයක්:

 

·         වෙබ් අඩවිය SEO කළ යුතුයි. එමගින් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්න පුළුවන්. එහෙම නැති වුනොත් ඔබේ වෙබ් අඩවියට අලුතින් අමුත්තන් එන එක සිද්ධ වෙන්නෙ නෑ. කවුරුත් නොදන්න තැනක තියෙන ශොප් එකක් වගේ හුදෙකලා වෙලා තියේවි.

·         වෙබ් අඩවිය විවෘත කළ බව සමාජ ජාලා හා අන්තර්ජාල ප්‍රවෘත්ති අතරට ප්‍රසිද්ධ කර යවන්න.

·         ව්‍යාපාරය පිළිබද ඕනෑම තොරතුරක් පහසුවෙන් දැනගන්න වෙබ් අඩවිය බලන්න හෝ ගනුදෙනු කරන්න ඔබේ පාරිභෝගිකයන්, ව්‍යාපාර හවුල්කරුවන් උනන්දු කරවන්න.

·         නිරන්තරම සමාජ ජාලා ඔස්සේ වෙබ් අඩවියට පිරිස යොමු කරවන්න.

·         ඔබේ සියලුම ප්‍රචාරණ සහ උපාංගවල වෙබ් අඩවියත් සදහන් කරන්න.

·         අමතර සේවාවන් විදිහට වෙබ් අඩවියට පැමිණෙන පිරිස ඔවුන් වැඩිපුර කාලය ගතකරන වෙබ් පිටුව හා ක්ලික් කරන්නේ මොනාවාදැයි පරික්ෂා කර ලබා දෙන ස්ටැටික් රිපෝට් වාර්තාවක් ලබා ගන්න. (අමතර ගෙවීම් කරන්නට සිදු වේවි. නමුත් එමගින් ඔබේ වෙබ් අඩවියේ තත්ත්වය මැන බලමින් දියුණු කිරීමට අවශ්‍ය තොරතුරු ඔබට සිතා ගන්න පුළුවන් වේවි.)

·         ඊමේල් ලිපිනය සදහන් කිරීම මගින් අමතර වාසි ගන්න පුළුවන්. (ටෙන්ටර්, නව ඇණවුම්, නව ව්‍යාපාරික අවස්ථා, ව්‍යාපාරික හවුල්කරුවන් හා ගනුදෙනුකරුවන් සොයා ගැනීමට, යෝජනා අදහස් දැනගැනීමට)

·         ඔබේ ව්‍යාපාරයේ තාක්ෂණික කටයුතු පිළිබද වැඩි දැනුමක් ඇති අයෙකු වෙබ් අඩවිය නිර්මාණය කරන ආයතනය සමග ගනුදෙනු කරන්න යොදවන්න.

·         තාක්ෂණික කරුණු ඔබට වටහා ගැනීමට නොහැකි ගැටළුකාරි අවස්ථාවක් ඇති වුවහොත් ඔබට විශ්වාසවන්ත තාක්ෂණික දැනුම ඇති අයෙකුගේ සහය පතන්න.

·         වෙබ් අඩවියේ ඔබේ නව නිෂ්පාදන ඉදිරියේදී කරන කටයුතු, ව්‍යාපාරයේ ප්‍රවෘත්ති ආදියෙන් වරින් වර අන්තර්ගතයන් අලුත් කරන්න පුළුවන් නම් නිතර එන පිරිස වැඩි වෙිවි.

  

වෙබ් අඩවි නිර්මාණය කරගන්න ගිහින් අමාරුවේ වැටෙන අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරන්න රෙවෝ ඇඩ්වර්ටයිසින් ආයතනයෙන් සකස් කරපු ලිපියක්. ඉහත දැනුවත්වීමත් එක්ක ඔබට වෙබ් අඩවියක් නිර්මාණය කරවා ගන්න අවශ්‍ය නම් රෙවෝ ඇඩ්වර්ටයිසින් ආයතනය වෙත සම්බන්ධ වෙන්න. සර්ච් කරමින් සහ ප්‍රශ්න අසමින් රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ. වට්ස්ඇප් වෙත මෙතනින් දැන්ම පණිවුඩයක් යවන්න.

+94 715 418 199

©කතෘ අයිතිය සුරකින්න

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp :

+94 715 418 199

Award for revo site.png

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site.png

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site.png

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

313226774_438075541795529_6609000483695775194_n.jpg

Member of

Accredited Advertising

Association in Sri Lanka.

IAA_New_Logo_Global.png

International

 Advertising Association

327420935_3499762116919824_5009122692849412044_n.jpg
google-business-trusted.png
hero-trustpilot-logo.png
Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
top.png
Top Advertising & Marketing Agency.png
Hubspot - Digital Advertising.jpg
Clutch-Awards.bmp
IDB.png

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page