top of page

සමාගමක් පිහිටුවා ගන්නේ කෙසේ ද?

  • Writer: Admin
    Admin
  • Oct 3, 2023
  • 5 min read

සමාගමක් යනු කුමක් ද?




සමාගමක් යනු ඕනෑ ම ව්‍යාපාරික කටයුත්තක නිරත වියහැකි නීතිමය පුද්ගල භාවයක් සහ සීමිත වගකීමක් ඇති කොටස් නිකුත් කිරීම මඟින් ප්‍රාග්ධනය රැස්කරගත හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමයකි. මෙවැනි ව්‍යාපාර තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරනු ලබන ආකාරයට ලියාපදිංචි කළ නොහැකිය. සමාගමක් ලියාපදිංචිය සඳහා වෙනම නීතිමය පසුබිමක් ඇත. ඒ පිළිබඳ තොරතුරු 2007 අංක 7 දරන නව සමාගම් පනත මඟින් හෙළිදරව් කෙරේ.


නීතිමය පුද්ගලභාවය යනු කුමක් ද?


මෙය අනෙක් ව්‍යාපාර සංවිධානවලට හිමි නොවන නමුත් සමාගම්වලට හිමිවන විශේෂ වරප්‍රසාදයකි. එනම් සමාගම සම්බන්ධයෙන් යම් යම් නීතිමය කටයුතුවලට ප්‍රවේශ වීමේදී සමාගමේ නාමය ඒ වෙනුවෙන් භාවිතා කළ හැකි වීමයි. නමුත් කේවල ස්වාමී ව්‍යාපාරවලට සහ හවුල් ව්‍යාපාරවලට මෙම වරප්‍රසාදය හිමි නොවේ. එවැනි ව්‍යාපාරවල යම් යම් නීතිමය කටයුතුවලට ප්‍රවේශ වීමේදී අයිතිකරුවන්ගේ පුද්ගලික නම් භාවිතා කිරීමට සිදුවේ. එය තරමක අවාසිසහගත තත්වයකි. ඊට හේතුව වන්නේ ව්‍යාපාරය සම්බන්ධයෙන් පැන නැඟුණු නීතිමය කටයුත්තක් නිසා තමාගේ පුද්ගලික නමට යම්කිසි බලපෑමක් ඇති වීමයි. පහත උදාහරණය මඟින් ඔබට එය වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත.

කමල් පෙරේරා නමැත්තා “කමල් ග්‍රොසරිස්” නමින් සිල්ලර වෙළඳ සැලක් පවත්වාගෙන යයි. මොහුගේ වෙළඳසැලෙන් භාණ්ඩයක් මිලදීගත් පාරිභෝගිකයෙකු එය කල් ඉකුත් වී ඇති බව දැන කමල් පෙරේරාට විරුද්ධව නඩුවක් ගොනුගත කළේය. මෙම සිද්ධිය කමල් පෙ‍ෙර්රා‍ෙග් ව්‍යාපාරය සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටලුවක් වුවද “කමල් ග්‍රොසරීස්” යන නාමය වෙනුවෙන් නොව ඔහුට නීතිය ඉදිරියේ පෙනී සිටීමට සිදුවන්නේ කමල් පෙ‍රේරා යන පුද්ගලික නාමය භාවිතා කරමින් ය. එයට හේතුව වන්නේ ඒ තනිපුද්ගල ව්‍යාපාරයක් සඳහා නීතිමය පුද්ගල භාවයක් නොමැති බැවිනි.


නමුත් කමල් පෙ‍ෙර්රාගේ ව්‍යාපාරය පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබුණේ නම් ඉහත ගැටලුව වෙනුවෙන් ව්‍යාපාරය ලියාපදිංචි කර ඇති නාමය වෙනුවෙන් නඩු පැවරිය හැකිය. එවිට කමල් පෙ‍ෙර්රා නඩුව වෙනුවෙන් ඉදිරිපත් වුද ඔහු නියෝජනය කරනු ලබන්නේ සමාගම වන අතර ඔහුගේ පුද්ගලික නාමයට එය කිසිඳු බලපෑමක් නොවේ. එයට හේතුව වන්නේ සමාගමක් සඳහා නීතිමය පුද්ගලභාවයක් පවතින හෙයිනි.



සීමිත වගකීම යනු කුමක් ද?


මෙම ලක්ෂණය ද සමාගමේ කොටස්කරුවන්ට වාසිසහගත තත්වයකි. එනම් සමාගමක කොටස් මිලදී ගැනීමෙන් කොටස් ප්‍රාග්ධනයට දායකවූ අයෙකුට සමාගම වෙනුවෙන් ඇති වගකීම එම කොටස්වල වටිනාකමට පමණක් සීමා වන බවයි. කොටස්කරුවකු යනු සමාගමේ අයිතිකරුවෙකි. තමා සතු මුදල් සමාගමට ලබාදීමෙන් තමා කොටස්කරුවකු හෙවත් සමාගමේ අයිතිකරුවකු බවට පත්වේ. එවිට සමාගම වර්ෂයක් අවසානයේ ලබන ලාභයෙන් කොටසක් “ලාභාංශ” වශයෙන් එම කොටස්කරුවන්ට හිමිවේ. කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභය එයයි. පාඩු ලබන කාලවලදී “ලාභාංශ” හිමි නොවන අතර කිසියම් හෙයකින් සමාගමේ වගකීම් පියවා ගැනීමට අරමුදල් නොමැති වුවහොත් කොටස්කරුවන් ඒ වෙනුවෙන් අසීමිත වූ වගකීමකට නොබැ‍ඳෙන අතර උපරිම වගකීමේ ප්‍රමාණය වනුයේ ඔවුන් විසින් මිලට ගත් කොටස්වල වටිනාකම දක්වා පමණි. එම නිසා ඔහුන්ගේ වගකීම සීමිත යයි සැළකේ.

නමුත් තනිපුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක නම් අයිතිකරුවන් කොපමණ මුදලක් ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කළත් බාහිර වගකීම් (බැංකුණය, සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල්) පියවීමට අවශ්‍ය වූ විටක තම ආයෝජනය කර ඇති අරමුදල් ගැන නොසිතා පුද්ගලික දේපළ මඟින් හෝ එම වගකීම් පියවා දැමීමට සිදුවේ. ඊට හේතුව වන්නේ ඔහුන්ට “සීමිත වගකීමක්” නොමැති බැවිනි.


සමාගමක් ලියාපදිංචි කරන්නේ කෙසේද?


තනිපුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නම් ආරම්භ කර දින 14ක් ඇතුළත ලියාපදිංචි කටයුතු සිදුකළ හැකිය. නමුත් සමාගමක් ලියාපදිංචි කටයුතු සම්පූර්ණ වන තුරු කිසිඳු ආකාරයකින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා නොහැකිය. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක ඔබගේ සමාගම පවත්වාගෙන ගියද කොළඹ පිහිටි සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ සමාගම් රෙජිස්ටාර් යටතේ සමාගම ලියාපදිංචි කළ යුතුය. සමාගමක් ලියාපදිංචි කිරීමේදී පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතුය.


ඔබ විසින් පුද්ගලික සමාගමක් ලියාපදිංචි කළේ නම් සංස්ථාපන සහතිකය ලබාගත් සැණින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබේ. නමුත් සංස්ථාපන සහතිකය ලද පමණින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා පොදු සමාගම්වලට හැකියාවක් නොමැත. පොදු සමාගමක් සහ පුද්ගලික සමාගමක් අතර පවතින වෙනස ඔහුගේ පුද්ගලික සමාගමකට උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව ලෙස පවත්වාගෙන යා හැක්කේ 50 දක්වා පමණකි. එම නිසා සමාගම් පනත මඟින් කිසිඳු විටකත් පුද්ගලික සම්ගම්වලට සිය ප්‍රාග්ධනය (අරමුදල්) රැස්කර ගැනීම සඳහා මහජනතාවට ආරාධනා කිරීමට අවසර ලබා නොදේ. බොහෝවිට පුද්ගලික සමාගම් පවත්වාගෙන යනු ලබන්නේ පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් පිරිසක් එකතු වී කොටස් වශයෙන් සමාගමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරමින් ඔහුන් සමාගමේ කොටස්කරුවන් බවට පත්වීම තුළිනි.


නමුත් පොදු සමාගම්වලට එසේ නොවේ. එම සමාගම්වලට උපරිම කොටස්කරුවන් සීමාවක් නැත. ප්‍රසිද්ධ දැන්වීමක් පළකිරීමෙන් මහජනතාවට සමාගමේ කොටස් ප්‍රාග්ධනයට දායක වන ලෙස ආරාධනා කිරීමට පොදු සමාගම්වලට බලය හිමිවේ. එමනිසා ‍කොටස් වෙළඳපොළේ කොටස් අලෙවිකර පොදු සමාගමකට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගත හැකිය. පුද්ගලික සමාගම්වලට සාපේක්ෂව පොදු සමාගම් ප්‍රබල සමාගම් බවට පිළිගැනේ.


එම නිසා සංස්ථාපන සහතිකයට ලද පමණින් වෙ‍ෙළඳ කටයුතු ආරම්භ කිරීමට පොදු සමාගම්වලට බලය හිමි නොවේ. ඒ සඳහා ‘වෙළෙඳ සහතිකය’ ලබා ගැනීමට පොදු සමාගමකට අවශ්‍ය වේ. වෙළෙඳ සහතිකය ලබා ගැනීමෙන් පසුව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට පොදු සමාගමකට ඉඩ ලැබෙන අතර ඉන්පසු විටින් විට අවශ්‍ය ප්‍රාග්ධනය කොටස් නිකුත් කිරීම මඟින් ලබාගැනීමට ඔහුන්ට හැකිවේ.


Company Registration 📗

සමාගමක් ලියාපදිංචි කිරීමේදී අදාළ වන පනත වන්නේ 2007 අංක 07 දරන සමාගම් පනතය. ඒ අනුව පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේදී පහත පියවර අනුගමනය කළ යුතුය.


✍️පියවර 01


පළමුව සමාගමේ නම වෙන් කරවා ගැනීම සිදුකළ යුතුය.ඔබේ සමාගම සඳහා ඔබට කැමති සුදුසු නමක් තෝරා ගත හැකිය. නමුත් එම නම දැනටමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති නමක් නොවිය යුතුය.

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වෙබ් අඩවිය වන eroc.drc.gov.lk පිවිසීමෙන් ඔබ තෝරාගත් නම භාවිතා කළ හැකිද නොහැකිද යන්න පරීක්ෂා කර බැලිය හැකිය. නම පරීක්ෂා කිරීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි.

ඔබ සමාගමේ නම වෙන් කරවා ගැනීමට අයදුම් කරන්නේ නම් වෙබ් අඩවියට පිවිස, වෙබ් අඩවියේ ලියාපදිංචි වී රු. 2,000 + VAT (8%) + Convenience fee (2%) ක මුදලක් ගෙවීමට සිදුවේ.අයදුම් කිරීමෙන් පසු වැඩකරන දින 1 ක් හෝ 2 ක් ඇතුළත සමාගමේ නම අනුමත කර තිබේද නැද්ද යන්න ඔබට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ. අනුමත කරන ලද නමක් අනුමත වූ දින සිට මාස 3 ක් සඳහා වලංගු වේ. එනම් මෙම මාස 3 ඇතුළත සමාගම ලියාපදිංචි කිරීම අවසන් කළ යුතුය.



✍️පියවර 02


සමාගමේ නම අනුමත වූ පසු පහත සඳහන් අයදුම්පත් සහ ලේඛන නිවැරදිව සකස් කර ගත යුතුය. 2007 අංක 7 දරන සමාගම් පනතේ වගන්ති 475 ට අනුව ආකෘතිපත් අතින් පිරවිය නොහැකිය. එබැවින් සියලුම ආකෘති මුද්‍රණය කළ යුතුය.


📄ආකෘති පත්‍රය 01 (Form 01) - සමාගම් ලියාපදිංචි අයදුම් පත්‍රය සියලු ආරම්භක අධ්‍යක්ෂවරුන්, කොටස් හිමියන් සහ ලේකම් විසින් අත්සන් කළ යුතුය.

📄ආකෘති පත්‍රය 18 (Form 18) - අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත සහ සහතිකය

📄ආකෘති පත්‍රය 19 (Form 19) - සමාගම් ලේකම්වරයාගේ කැමැත්ත සහ සහතිකය.

📄සාංගමික ව්‍යවස්ථාවලිය (Articles of Association) - සමාගමක් විසින් පනතේ පලමු උපලේඛනයේ ආදර්ශ ව්‍යවස්ථාව අනුව සාංගමික ව්‍යවස්ථාවලිය සකස් කරගත යුතුය.


Form 01, Form 18 සහ Form 19 eRoc system මගින් බාගත කරගෙන ඔබටම සකස්කර ගත හැකි වුවත්, Articles of the Association සකස් කිරීමේදී අත්දැකීම් සහිත පුද්ගලයෙක් ලවා සකස් කරවා ගැනීම මගින් ව්‍යාපාරයට අදාල නීති හා රෙගුලාසි නිවැරදිව ඇතුලත් කරගනිමින් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉක්මනින් සහ පහසුවෙන් සිදු කර ගැනිමට හැකි වේ.


✍️පියවර 03


නිවැරදිව සකස්කර සම්පූර්ණ කරගත් අයදුම්පත්‍රය සහ ලේඛන අනුමත කරවා ගැනීමට eRoc system තුලට උඩුගත (upload) කළ යුතුය. සමාගමේ බැංකු ගිණුම්, ආදායම් බදු ලිපි ගොනුව හා වෙනත් ව්‍යවස්ථාපිත දෑ විවෘත කිරීමේදී ආකෘති පත්‍ර 01 (Form 01) අවශ්‍ය වන බැවින් මෙහි පිටපතක් ද අයදුම් කිරීම වැදගත් වේ.


එහිදී එක් එක් ලේඛනය වෙනුවෙන් පහත ආකාරයෙන් ගෙවීම් සිදුකිරීමට සිදුවේ.(එක් අධ්‍යක්ෂකවරයෙක් සහිත සමාගමක් සදහා)


📄Form 01 - රු. 4,000 + VAT (8%) + Convenience fee (2%)

📄Form 18 - රු. 2,000 + VAT (8%) + Convenience fee (2%)

📄Form 19 - රු. 2,000 + VAT (8%) + Convenience fee (2%)

📄Articles of Association - රු. 2,000 + VAT (8%) + Convenience fee (2%)

📄Form 01 Two(02) True Copy - රු. 2,000 + VAT (8%) + Convenience fee (2%)


මෙම ලේඛන වලට අදාළ ගෙවීම් සිදුකිරීමෙන් පසුව,ලේඛන වල ගැටළුවක් නොමැති නම් සාමාන්‍ය වැඩකරන දින දෙකක් (2) ඇතුලත සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලියාපදිංචිය සිදුවු බවට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.සමාගම් ලියාපදිංචි අංකය දැන ගැනීම සඳහා eRoc system තුලට පිවිස බලා ගත හැකි අතර ලියාපදිංචි සහතිකය සහ Form 01 හි සත්‍ය පිටපත සමාගම් රෙජිස්ටාර් කාර්යාලයට ගොස් ලබා ගත යුතුය.


✍️පියවර 04


2007 අංක 07 දරන සමාගම් පනතට අනුව සමාගම ලියාපදිංචි කර වැඩකරන දින 30ක් ඇතුළත ඔබේ සමාගමේ නමින් සමාගමක් ශ්‍රි ලංකාව තුළ ලියාපදිංචි කර ඇති බව මහජනතාවට දැනුම් දීම සිදු කළ යුතුය.


මේ සඳහා දැන්වීම සිංහල, දමිළ සහ ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම දිනපතා පලවන පුවත් පත් වල පලකල යුතු අතර රජයේ ගැසට් නිවේදනයේද ඒ ලෙසම සඳහන් කලයුතුය. මෙම නිවේදනයේ සමාගමේ නම, ලියාපදිංචි අංකය, ලියාපදිංචි කල දිනය හා ලියාපදිංචි ලිපිනය සදහන් කළ යුතුය. දැන්වීම් හා නිවේදනය පළවීමෙන් පසුව ඒවායේ පිටපත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට බාරදිය යුතුය. (සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 06.08.2019 දිනට පසුව සංස්ථාපනය කරන ලද සමාගම් නාම ලේඛණය ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් වශයෙන් ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් යන ජාතික පුවත්පත් 03හි පළ කරනු ලැබේ.)


දැන් ඔබේ ලියාපදිංචිය අවසන්. ඔබට පෞද්ගලික සමාගමක් ලෙස පෙනී සිටීමේ අයිතිය නිතිමය වශයෙන් හිමිවී ඇත.


(සිළුමිණ පුවත්පතේ ලිපියක් ඇසුනේ සම්පාදිතයි)


Yorumlar

5 üzerinden 0 yıldız
Henüz hiç puanlama yok

Puanlama ekleyin
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp :

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Member of

Accredited Advertising

Association in Sri Lanka.

international advertising sri lanka

International

 Advertising Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page