top of page

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම

  • Feb 1, 2018
  • 4 min read

Updated: Feb 2, 2018

ඔබ ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරයක් සුලුවෙන් හෝ පටන්ගන්න උත්තසාහ කරන කෙනෙක් නම් එයට ලියාපදිංචියක් තිබීම, නිතිමය වශයෙන් විශාල වටිනාකමක් හිමිවෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සිදුකරගන්නා අන්දම දැන් විස්තර කරනවා. එය ඔබේ දැනට ලියාපදිංචි නොකළ හෝ අනාගතයේදී ඇරඹීමට නියමිත ව්‍යාපාරයට ඉතා වැදගත්වේවි.

බස්නාහිර පළාත තුළ සියළුම ව්‍යාපාර නාම ලියාපදිංචි කටයුතු නියාමනය හා සම්බන්ධීකරණයත්, ප්‍රධාන වශයෙන් කොළඹ, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල සහ රත්මලාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමත් මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබන අතර, බස්නාහිර පළාත තුළ පිහිටි සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු , අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉටු කරවා ගැනීම සඳහා මහජනයා වෙත අවස්ථාව සලසා දී ඇත.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 9 වන උපලේඛණයේ 1 වන ලැයිස්තුව අනුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කාර්ය භාරය පළාත් සභාවලට පැවරීමත් සමග ඒ ඒ පළාත් සභා මගින් ස්වකීය පළාත තුල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම විධිමත් කිරීම සඳහා සකස් කල ප්‍රඥප්ති අනුව කටයුතු කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත.


ඒ අනුව 1990 අංක 04 දරන බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය 1991.01.01 දින සිට ක්‍රියාත්මක කල අතර, 2013.10.01 දින සිට, සං‍ශෝධිත 2011 අංක 5 දරන බස්නාහිර පළාතේ වෙළඳ, සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබූ වෙළඳ ආයතනයන්හි නව ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක වේ.

බස්නාහිර පළාත තුළ සියළුම ව්‍යාපාර නාම ලියාපදිංචි කටයුතු  නියාමනය හා සම්බන්ධීකරණයත්, ප්‍රධාන වශයෙන් කොළඹ, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල සහ රත්මලාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමත් මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබන අතර, බස්නාහිර පළාත තුළ පිහිටි සෙසු  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු , අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉටු කරවා ගැනීම සඳහා මහජනයා වෙත අවස්ථාව සලසා දී ඇත.

කාර්ය භාරය


ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම/ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම/ අවලංගු කිරීම/ සහතික පිටපත් නිකුත් කිරීම

  • ව්‍යාපාර නාම ලිපිගොනු සහ ලේඛන පරීක්ෂා කිරීම

  • ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව

  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අදාළ සියළු උපදෙස් ලබාදීම ( ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද ඇතුළුව)

  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් ලබාදීම සහ සම්බන්ධීකරණ කටයුතු

  • බස්නාහිර පළාත් සභාව තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් යොමු කරනු ලබන ව්‍යාපාර ලියාපදිංචි කිරීම් වලට අදාළ ලිපිගොනු සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම/ උපදෙස් ලබා දීම සහ එම ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කිරීම


    • ඉහත කී ලියාපදිංචි කිරීම් වලට අදාළ නීතිමය කාර්යයන් හිදී, දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම.


    • රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් සහ මහජනයා විසින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සම්බන්ධව කරනු ලබන විමසීම්/ ඉල්ලීම් වලට අනුකූලව අවශ්‍ය කාර්යයන් ඉටු කිරීම.

( උදා: ත්‍රිවිධ හමුදාව, අපරාධ විමර්ශන ඒකකය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, මූල්‍ය අපරාධ විමර්ශන අංශය, වංචා විමර්ශන ඒකකය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, දේශීය/ පළාත් ආදායම් බදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, පාරිභෝගික සේවා අධිකාරිය, තානාපති කාර්යාල, රාජ්‍ය/ පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන යනාදී වශයෙන්)

  • ව්‍යාපාර ස්වභාවය

  • ව්‍යාපාර ස්වාභාවය වෙළඳාමක්, ආනයන/ අපනයන කිරීමක් හෝ නිෂ්පාදනයක් නම් වෙළදාම් කරනු ලබන, ආනයන/ අපනයන හෝ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පැහැදිලිව සදහන් කල යුතුය.

  • ව්‍යාපාර ස්වාභාවය කාමර/නවාතැන් පහසුකම් සැපයීම, සම්භාහන මධ්‍යස්ථාන/ගෙස්ට් හවුස් වැනි අවස්ථාවලදී ව්‍යාපාරයට අදාළ පොලිස් වසමෙන් ලබා ගත වාර්තාව ඉදිරිපත් කල යුතුය.

  • ඖෂධ, සුවඳ විලවුන් උපකරණ අලෙවියේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර ඇති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් අධ්‍යක්ෂ කාර්යාලයේ නිර්දේශය

  • ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සැපයීමේදී සේවය කරන බවට ආයුර්වේද වෛද්‍යවරයාගේ ලිපිය සහ ආයුර්වේද වෛද්‍ය සභාව විසින් නිකුත් කල හැදුනුම්පතේ පිටපත

  • වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපාරයන්හීදී අදාළ වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතිකයන්හි ඡායා පිටපත්

  • රුපලවන්‍යගාර සහ ස්පා සම්බන්ධයෙන් අදාළ පුහුණු සහතික

  • පෙර පාසැල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සදහා මුල් ළමාවිය සංවර්ධන සහකාරගේ නිර්දේශය

අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි


  1. ග්‍රාම නිලධාරී වාර්තාව

මෙය අදාළ ඉල්ලුම්පත්‍රය සමග නිකුත් කරනු ලැබේ.

  • ව්‍යාපාර ස්ථානයට අදාළ වසම භාර ග්‍රාම නිලධාරී විසින් අත්සන් කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ.

  • අදාළ ග්‍රාම නිලධාරී වාර්තාවේ කපා හැරීම්, මැකීම්, මකන දියර භාවිතා කිරීම් සිදු කර ඇත්නම් එකී ස්ථානයේ ග්‍රාම නිලධාරී විසින් සියඅත්සන යොදා නිල මුද්‍රාව තැබිය යුතුය.

  1. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත

ඉල්ලුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය. ද්විත්ව පුරවැසිභාවය දරන්නේනම් සනාථ කල යුතු ලියවිලි ඉදිරිපත් කල යුතුය.

  • විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපතක් ඉදිරිපත් කල හැක්කේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි අවස්ථාවලදී එය තහවුරු කිරීම සදහා පමණි.

  • ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් එකී පුද්ගලයාගේ පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබා ගත පොලිස් වාර්තාව ඉදිරිපත් කල යුතුය.

  • ජාතික හැඳුනුම්පත නැවත ලබාගැනීම සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත්නම් ඒ බව සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුය.

  1. අදාළ ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම

තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

බදු/ කුලී ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්නේ නම් එකී ගිවිසුමේ මුල් පිටපත් සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

(ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමග සසදා ආපසු භාර දෙනු ලැබේ.)


ව්‍යාපාර ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මුල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුගේ කැමැත්ත මත පමණක් පවත්වාගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකී ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සදහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය සහ එකී තැනැත්තා/ තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

ඉහත කී ලේඛන මගින් ව්‍යාපාර ලිපිනය තහවුරු නොවන අවස්ථාවලදීඅදාළ ග්‍රාම නිලධාරී විසින් එකී ලිපිනයන් තහවුරු කිරීමේ ලිපියක් ඉදිරිපත් කල යුතුය. ආසන්නතම වර්ෂයට අදාළ තක්සේරු දැන්වීමේ පිටපතක් ද මෙහිදී ඉදිරිපත් කල හැක.


හවුල් ව්‍යාපාර ගිවිසුමක් ඇතොත් එහි පිටපතක්

රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකුලව කැඳවිය හැකි වෙනත් ලියවිලි ඇතොත් ඒවා


මෙහිදී රෙජිස්ට්‍රාර් විසින් නියම කරනු ලබන ඉහත කී ලියවිලි වලට අමතර වෙනත් ලියවිලි ද කැඳවිය හැක.


ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුලත (මෙහීදී දින 30ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ.) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සදහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබන අතර එකී ගාස්තුව තීරණය කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පමණි.


  • තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා රු. 2500.00 ක ගාස්තුවක්ද හවුල් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා රු. 3000.00 ක ගාස්තුවක්ද අය කෙරේ.

  • රජයේ වැඩ කරන දින 5 ක් ඇතුලත සහතිකය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

  • අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව. 3.00

දුරකථන අංක

රෙජිස්‍ට්‍රාර්  – 011 2 078390

පොදු         – 011 2 074690



 
 
 

4 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Jul 20

xosoplus mobi mình thấy bạn bè nhắc hoài nên rảnh rỗi vào nghía thử cho biết thôi. Mình không có ngồi canh dự đoán trúng hay không, chủ yếu xem họ trình bày dữ liệu có dễ nhìn không. Cái mình để ý đầu tiên là breadcrumb chuyên mục kiểu XSMB khá rõ ràng, nhìn phát biết đang ở nhánh “Chủ Nhật”, rồi tới bài ngày 19 07 2026 và kéo qua phần dự đoán cho 20 7 2026 nên không bị lộn trang. Lướt xuống dưới thì có bảng “Đầu Lô tô Đuôi Lô tô” chia cột gọn, mắt mình đọc nhanh vẫn không bị rối dù số nhiều. Nói chung cảm giác họ ưu tiên cho người xem…

Like

Guest
Jul 06

https://keonhacai5.com/ mình ghé thử cho biết vì thấy bạn bè share, kiểu vào xem giao diện thôi. Ấn tượng đầu là trang chia khối nội dung khá gọn, nhìn lướt không bị ngợp chữ. Mình có đọc qua bài nhận định Girona vs Athletic Bilbao (03h00 ngày 05/11) thì tiêu đề để nổi bật, kéo xuống là nội dung chia đoạn ngắn nên đọc nhanh cũng ổn. Phần kèo/tỉ lệ trình bày theo cột, mắt mình nhìn phát là nắm được ý chính chứ không phải dò từng dòng. Mình cũng thích cái menu đặt ngay chỗ dễ thấy, bấm qua lại mấy bài không bị lạc. Nói chung bố cục thoáng và các khung thông tin được căn đều,…

Like

Guest
Jun 05

Gà vàng TV dạo này mình thấy có người nhắc tới khi nói về các nền tảng giải trí trực tuyến nên cũng thử mở vào xem cách họ bố trí giao diện ra sao. Mình không đi sâu vào nội dung hay từng trò cụ thể, mà chủ yếu quan sát cách các chuyên mục được phân chia trên trang và cách thông tin hiển thị cho người dùng. Nhìn tổng thể thì các khu như thể thao, casino, game bài hay slot thường được sắp xếp theo từng nhóm khá rõ, hiển thị dạng khối và danh sách nên lướt qua cũng dễ theo dõi. Các bảng dữ liệu được trình bày dạng cột khá gọn, giúp quan…

Like

tỷ lệ kèo nhà cái
May 23

tỷ lệ kèo nhà cái hôm trước thấy mấy đứa bạn nói nên mình bấm vào nghía thử cho biết thôi. Mình cũng không đọc kỹ hay tham gia gì, chủ yếu xem giao diện có dễ dùng không. Vừa vào là thấy trang nhìn khá sáng sủa, bố cục chia khối rõ nên lướt xuống không bị rối. Cái mình ưng nhất là thanh menu đặt ngay chỗ dễ nhìn, bấm qua lại vài mục thấy phản hồi nhanh, không phải mò mẫm. Mấy bảng thông tin cũng trình bày gọn, cột hàng thẳng thớm nên nhìn lướt vẫn hiểu đang nói gì. Nói chung chỉ ghé xem sơ sơ vậy mà thấy họ sắp xếp các khối nội…

Like
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page