පුවත්පත් නිවේදන යනු කුමක්ද?
- Jan 13, 2018
- 2 min read
Updated: May 1, 2018

තමන්ගෙ ව්‍යාපාරය ගැන පුවත්පතක ලිපියක් පළවෙනවා දැක්කොත් ව්‍යාපාරිකයෙක් හැටියට ඔබට මොනතරම් සතුටක් දැනේවිද. තනිපුද්ගල ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් දක්වා දැවැන්ත ව්‍යාපාරිකයින්ට පුවත්පතක තමන්ගේ ව්‍යාපාරය ගැන විස්තරයක් පළකරවා ගන්න ඇත්තටම ලොකු කැමැත්තක් තියෙනවා. විශේෂයෙන්ම තමන්ගෙ ආයතනයේ අලුත්ම ප්‍රවෘත්තියක්, විශේෂ වැදගත් සිදුවීමක් පුවත්පතක පළකරවා ගන්න බොහෝ ව්‍යාපාරිකයින් උනන්දුවෙනවා. සාමන්‍යයෙන් අපේ රටේ මේ වගේ දෙයක් කරගන්න ඕනෙ වුනාම අදුරන කෙනෙක් පත්තරේ වැඩ කරනවාද? දන්න කෙනෙක් ඉන්නවද අපේ ආයතනයේ විස්තරයක් තියෙනවා පත්තරේට දාගන්න කියල හොයනවා නැත්නම් එකින් එක පත්තර සමාගම්වලට දුරකථන ඇමතුම් ලබාදීලා විමසීම් කරනවා. පුවත්පත් කතුවරුන්ට හැදුනුම්කමක් තියෙන යාලු මිත්‍ර යෝ හොයනවා. නමුත් ඒක අමාරු වැඩක් වගේ දැනුනොත් මන්ගේ ඒ අවශ්‍යතාවය අමතක කරලා දාලා දැන්වීමක් පළකරන හෝ කිසිවක් පළ නොකරන අවස්ථා තිබෙනවා.
පුවත්පත් නිවේදන සේවාව කියන්නෙ මේ අවශ්‍යතාවයට කදිම විසදුමක්. මේ සදහා ලෝකයේ විවිධ සමාගම් තිබෙනවා. බොහෝ විට වෙළෙද ප්‍රචාරණ සමාගම් හා මාධ්‍ය ඒජන්සි ආයතන විසින් මේ කටයුත්ත ඉතාමත්ම අපූරුවට ඉටුකරනු ලබනවා. ඇතැම්විට මෙම කටයුත්ත තනි පුද්ගලයින් වශයෙන් ඉටුකරන අය පවා ඉන්නවා. නමුත් කිසියම් ආයතනයක් හරහා මේ කටයුත්ත කරගන්න පුලුවන් නම් ඔබට විශ්වාසනීය හා ව්‍යාපාරයට වැඩි අගයක් ලබාගන්න පුලුවන්. විශේෂයෙන්ම වෙළෙද ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන්වල මෙය එක්තරා අංගයක් ලෙසින් ක්‍රියාකරනවා. කැම්පෙන් එකක් ක්‍රියාත්මක වන අවස්ථාවක පුවත්පත් නිවේදනද ඊට බලය සපයමින් ක්‍රියාත්මක කරවන්න බොහෝ ප්‍රචාරණ ආයතන කටයුතු කරනවා.
පුවත්පත් නිවේදන සේවාව යනු කුමක්ද?
සිංහල දෙමල හා ඉංග‍්‍රීසි භාෂාවලින් ශ‍්‍රී ලංකාවේ නිකුත් කෙරෙන ඕනෑම ජාතික පුවත්පතක ඔබේ ව්‍යාපාරික පුවත් හා ඔබේ ව්‍යාපාරයේ විස්තර ප‍්‍රවෘත්තියක ආකාරයට පළකරවා ගන්න පුලුවන්.
මෙම සේවාව පුවත්පත් නිවේදන සේවාව Press Release වශයෙන් සහ PR යන කෙටි නාමයෙන්ද හදුන්වන්වනවා.
මෙවැනි කටයුතු සදහා වෙන්වූ PR ආයතන ලොවපුරා ඉතා බහුලව දැකිය හැකි අතර ලොකු කුඩා ව්‍යාපාරික ආයතන සෑම එකක්ම පාහේ මෙම සේවාව තම ප‍්‍රචාරණ කටයුතු සදහා යොදා ගැනේ.
සාමාන්‍යය දැන්වීමක් පළකරනවාට වඩා ඉතා ලාබදායක හා පහසු ක‍්‍රමවේදයක් බැවින් පුවත්පත් නිවේදන ව්‍යාපාරික ආයතන අතර ඉතා ජනප‍්‍රියයි.
පුවත්පත් නිවේදනයකින් ඔබේ ව්‍යාපාරයට ලැබෙන වාසි
ඔබේ ව්‍යාපාරික පුවත් ඉතාමත්ම පහසුවෙන් පුවත්පත්වලට ලබාදීමට හැකි වීම.
ජාතික පුවත්පතක දැන්වීමක් පළකිරීමට වැයවන මුදලට වඩා අඩු මුදලකින් තම ව්‍යාපාරය පිළිබ`ද
විස්තර පුවත්පතක පළකරවා ගත හැකිවීම.(මිල ගණන් අනුව ඔබම විමසා බලන්න*
මූල්‍යමය වශයෙන් එය වඩාත් ඉතුරුම්දායක හා ප‍්‍රතිඵල දායකවීම.
ඔබ ලබාදෙන පුවත්පත් නිවේදන ස්ථිර වශයෙන්ම පුවත්පතේ පළවීම. පාරිභෝගික සේවාලාභීන්ට ඔබේ ව්‍යාපාරික තොරතුරු පහසුවෙන්ම ඉක්මණින් ලබාදීමට හැකිවීම.
පුවත්පත් නිවේදන Press Release පළකිරීම තුළින් ඔබේ ව්‍යාපාරයට හොද ප‍්‍රතිරූපයක් හිමිවේ. වෙළෙද දැන්වීමකට වඩා ප‍්‍රවෘත්තියක් වශයෙන් පළවීම තුළින් වඩාත් ඉහළ ජනතා අවදානයක් දිනාගත හැකිවීම. සරළ ක‍්‍රමවේදයකින් තම ප‍්‍රචාරණ කටයුතු සිදුකරගත හැකිවීම. ලොකු කුඩා ඕනෑම ව්‍යාපාරයකට මෙය වඩාත් පහසු හා ප‍්‍රතිඵල දායකවීම.
තමන්ට පණිවුඩය ලබාදීමට අවශ්‍යම අය වෙත පහසුවෙන්ම එය ලබාදීමට ඇති හැකියාව. භාෂා අනුව හා පුවත්පත් අනුව තොරාගත හැකියි.
විශේෂයෙන් අන්තර්ජාලයේ කොහේ හෝ පළකෙරෙන යමකට වඩා ජාතික පුවත්පතක පළකෙරෙන තොරතුරක විශාල වටිනාකමක් හා සුවිශේෂී බවක් තිබෙනවා අන්න ඒ සුවිශේෂී බව ඔබට මේ ඔස්සේ ළගා කරගන්න පුලුවන් වෙනවා.
තමන්ගේ ව්‍යාපාරයේ දැන්වීමකට වඩා එයට ප‍්‍රවෘත්ති වටිනාකමක් ලබාදීම තුළින් වඩාත් ඉහළ පාරිභෝගික හා මහජන ආකර්ෂණයත් අවධානයත් මේ මගින් ලබාගන්න පුලූවන්.
දැන්වීමකින් එහා ගිය ප්‍රවෘත්තියක් බලන්න කවුරුත් කැමතයි. ඒ කියන්නෙ කවුරුත් විවිධ ආයතනවල දැන්වීම් බැලීමේ අපේක්ෂාවකින් පුවත්පත් කියන්න ගන්නෙ නෑ. එහි යටි අරුත ඔබේ ව්‍යාපාරයේ දැන්වීමකට ප්‍රවෘත්ති අගයක් ලැබෙනවා කියන්නත් පුලුවන්.
කොයි ආකාරයකින් බැලුවත් මෙහි ඇති පහසුව හා වටිනාකම ඔබට පැහැදිලි ඇතැයි අපේක්ෂා කරන්නෙමු.
රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් (www.revo.lk) ආයතනයත් මේ වගේ පුවත්පත් නිවේදන සේවාවන් ඔබ වෙත ලබාදෙන වෙළෙද ප්‍රචාරණ ආයතනයක්. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමල හා ඉංග්‍රීසි මාධ්‍ය සියලුම පුවත්පත් වෙත ඔබේ ව්‍යාපාරික පුවත පළකරවා දීමට ඔවුන් සතුව අපූරු ක්‍රමවේදයක් තිබෙනවා. ඒ විවිධ පැකේජ මිල ගණන් යටතේ ඔබේ ව්‍යාපාරික පුවත පළකරවා දීමේ පුවත්පත් නිවේදන සේවාවයි. ඒ සදහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය හෝ ෆේස්බුක් පිටුවට පිවිසී විමසීම් කළ හැකියි. (www.facebook.com/revoadag)




































https://tylebong88.com/ mình ghé thử cho biết vì thấy mấy người trong nhóm hay nhắc, chủ yếu xem bố cục với cách họ trình bày thôi. Trang mở lên nhìn khá sáng sủa, kiểu chia khối rõ nên lướt nhanh cũng không bị rối. Mình thấy có phần tiêu đề “Chào Mừng Đến Website Của Chúng Tôi” đặt ngay đầu nên biết luôn trang này tập trung vào gì. Bên dưới là mấy ô nội dung dạng “Review / Visit” xếp gọn theo hàng, nhìn cái là nhận ra đang gom mấy mục đánh giá và thông tin cơ bản. Mình không đọc sâu từng bài, nhưng cách họ để các block nổi bật ngay trang chủ khá dễ theo dõi,…