top of page

ව්‍යාපාර ආචාරධර්ම

  • Writer: Admin
    Admin
  • Feb 2, 2018
  • 2 min read

ree

ආචාර ධර්ම වැඩසටහනක කොටසක් ලෙස ඇතැම් සමාගම් සිය සේවකයන්ට අදාළ වන අභ්‍යන්තර හැසිරීම් මාලාවක් සකස් කර ඇත. පුළුල් වශයෙන් සළකන කල මේ ප්‍රතිපත්ති සාමාන්‍ය දිරිගැන්වීම් ලෙස සැළකිය හැකිය. වඩාත් පුළුල් ලෙස සාමාන්‍ය භාෂාවෙන් කීවොත් එය සමාගමේ ආචාර ධර්ම පිළිබඳව සකසන ලද ලේඛනයකි. එසේම මෙය තවත් සවිස්තරාත්මක ලෙස සමාගමේ එදිනෙදා ආචාර ධර්ම සංග්‍රහය ලෙසද හැඳින්විය හැකිය. මෙය ව්‍යාපාර කටයුතු වලදී පැන නගින එදිනෙදා ගැටළු වලට උපදෙස් ලබා දෙන අතරම සමාගමේ සේවකයන්ගේ අපේක්ෂා හඳුනාගැනීමට ද ඉවහල්වේ. මෙවැනි ප්‍රතිපත්ති පැවතීම නිසා ගැඹුරු අවබෝධයක් ලබනට සේවකයින්ට හැකිවන අතරම ක්‍රියාකාරිත්වයේදී එකිනෙකට අනුකුල සංයෝජනයක් ඇති වේ. එමඟින් අනාගත ව්‍යාපාරික ආචාර ධර්ම බිඳ වැටීම් නිසා සිදුවන ව්‍යසනයන් වළක්වා ගැනීමටද හැකිවේ.

තම සේවකයන් සම්මන්ත්‍රණ වලට කැඳවා සමාගමේ ප්‍රතිපත්ති, විශේෂිත සිද්ධි අධ්‍යයනයන් , නීතිමය අවශ්‍යතාවයන් සහ ව්‍යාපාරික ක්‍රියාදාමයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන සමාගම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඇතැම් සමාගම් විසින් තමන්ද සමාගමේ හැසිරීම් නීති සංග්‍රහයට අනුකුලව ක්‍රියා කරන බවට ගිවිසුමකට අත්සන් කරනු ලබයි.

සිය සේවකයන් ව්‍යාපාරයේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමට තුඩු දෙන වාතාවරණික සාධක පිළිබඳවද බොහෝ සමාගම් තක්සේරු කර බලයි.

ආචාර ධර්ම පාලනය කරන ආයතනික ප්‍රතිපත්තියට සියළු දෙනාම එකඟ නොවි ඔවුන් පවසන ආකාරයට එවැනි අවස්ථාවල සේවකයන්ට සිය තීන්දුවට අනුව ක්‍රියාකරන්ට ඉඩ දීමෙන් වඩා ‍හොඳ ප්‍රතිඵල ලැබිය හැකිය.

වෙනත් අය පවසන්නේ මෙය මූලික වශයෙන් ප්‍රායෝගික උවමනාව මත කරන්නක් බවත් එය හේතු කොට ගෙන ව්‍යාපාරයේ නීතිමය වගකීම අඩුවන බවත්ය. එසේම තමන් හොඳ ආයතනික සාමාජිකයෙකු බව පෙන්වා පොදු ජනතාවගේ හොඳ හිත දිනා ගැනීමේ අදහසින් මෙසේ කරන බවත් ඔවුහු අදහති. හැම අතින්ම බලන කළ සේවක පක්ෂය, නීත්‍යාකූලව ක්‍රියා කරන විට සමාගමට නඩු හබ වළක්වාගත හැකිවේ. එසේම අධිකරණයට ගියවිටකදී පවා සිය සේවකයා සමාගමේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා නොකළා නම් මෙවැන්නක් සිදුනො‍වන බවද සමාගමට කිව හැකිවේ.

සමහර විටක සමාගමේ ආචාර ධර්ම හා සමාගමේ සැබෑ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය බිඳී තිබිය හැකිය. මෙහිදී කළමනාකරුවන් විසින් මෙවැනි හැසිරීමක් ගැන ප්‍රකාශිතව නීති පනවා තිබුණත් නැතත් , විය හැකි නරකම දෙය නම් මෙය සමාගමේ සිදුකළ (වංචාවක්) ලෙසද පාරිභෝගිකයා විසින් සිතනට ඉඩකඩ තිබේ . වියහැකි හොඳම දෙය නම් මෙය සමාගමේ ව්‍යාපාරික මෙවලමක් ලෙසට පාරිභෝගිකයා විසින් අවබෝධ කර ගැනීමයි.

සැබැවින්ම සාර්ථක වීමට නම් පහත සඳහන් ආචාර ධර්ම ප්‍රතිපත්ති තිබිය යුතු බව ආචාරධර්මවාදීහු තර්ක කරති.

· වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කළමනාකරුවන්ගේ අනුමාන රහිත සහය ලැබිය යුතුය.

· කලින් කලට සිදුකරන වෙරගැන්වීම් වලදී එය වාචිකව මෙන්ම ලිඛිතව ලබාදිය හැකිය.

· කරන කටයුතු සේවකයන්ට අවබෝධ කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළහැකි ඒවා විය යුතුය.

· ඉහළ කළමනාකාරිත්වය විසින් අනුපිළිවෙලකට කළයුතු එකඟවීම් හා සංවර්ධනය කිරීම් සහිත අධීක්ෂණයක් පවත්වා ගත යුතුය.


මේ අනුව ඔබේ ව්‍යාපාරයට එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පනවාගත් සීමාවන් ඔස්සේ සම්ප්‍රදායක් ගොඩනගාගනිමින් හා ඒව සේවක මණ්ඩලයට හදුන්වා දෙමින් හෘද ශාක්ෂියට එකගව කටයුතු කරන්නේ නම් එය කදිම ආචාර ධර්ම මුල පිරීමක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඔබේ ව්‍යාපාරයේ විශේෂ ආචාර ධර්මයක් තිබේ නම් හෝ ඔබ සාර්ථකව අත්විදින අත්දැකීමක් ඇත්නම් කමන්ට් ඔස්සේ අන් අයටද දැනගැනීමට සලස්වන්න.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • TikTok
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • X
  • Whatsapp

Dubai, UAE
C/o: Nahdat Aljeel Project Management Service Co.

PO Box 450450  Al Rasis Building, Office 304, 
Al Barsha, Dubai, UAE. License: 1070035  

revodubaiadvertising @gmail.com
Call or whatsapp:

+971 54 414 77 43

California, USA 
# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills,

CA, 90211-2434, USA
revoadvertising @gmail.com

+1 (432) 296-6201
Whatsapp Only:

+94 715 418 199

Sri Lanka

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

info @revo.lk

Call or Whatsapp:

+94 715 418 199

Award for revo site

Best
Enterpruner

Gold

Award 2020

​National Chamber of Commerce &
National Enterprise Development Authority

Sri Lanka

Award for revo site

Jury

Special

Award 2023

​Small and Medium Entrepreneur Development Award

Sri Lanka Institute of Marketing (SLIM)

Award for revo site.png

National

Silver

Award 2023

Digital
Technology Sector
Industry

Excellence Awards

Award for revo site

Top Achiever Gold

2024

​Ceylon National
Chamber of Industries 

Sri Lanka

4As

Accredited Advertising

Agency Association

of Sri Lanka.

international advertising sri lanka

International

 Advertising 

Association

As
Google trust
Web Design
Good Firms
Sortlist
Sortlist Advertising Agency
Top Advertising & Marketing Agency.
Hubspot - Digital Advertising
Clutch Awards
IDB

Site Map

Home       Services      Portfolio       About       News      Contact      Work with Us     Policy       Award & Certificate

Copyrights 2025 ©  All rights reserved

Revo   -  Revolution Advertising Pvt Ltd.

(Name & Trade Mark has been registered)

®™

Web Design by:

the revo team

bottom of page