ව්‍යාපාර ආචාරධර්ම
- Feb 2, 2018
- 2 min read

ආචාර ධර්ම වැඩසටහනක කොටසක් ලෙස ඇතැම් සමාගම් සිය සේවකයන්ට අදාළ වන අභ්‍යන්තර හැසිරීම් මාලාවක් සකස් කර ඇත. පුළුල් වශයෙන් සළකන කල මේ ප්‍රතිපත්ති සාමාන්‍ය දිරිගැන්වීම් ලෙස සැළකිය හැකිය. වඩාත් පුළුල් ලෙස සාමාන්‍ය භාෂාවෙන් කීවොත් එය සමාගමේ ආචාර ධර්ම පිළිබඳව සකසන ලද ලේඛනයකි. එසේම මෙය තවත් සවිස්තරාත්මක ලෙස සමාගමේ එදිනෙදා ආචාර ධර්ම සංග්‍රහය ලෙසද හැඳින්විය හැකිය. මෙය ව්‍යාපාර කටයුතු වලදී පැන නගින එදිනෙදා ගැටළු වලට උපදෙස් ලබා දෙන අතරම සමාගමේ සේවකයන්ගේ අපේක්ෂා හඳුනාගැනීමට ද ඉවහල්වේ. මෙවැනි ප්‍රතිපත්ති පැවතීම නිසා ගැඹුරු අවබෝධයක් ලබනට සේවකයින්ට හැකිවන අතරම ක්‍රියාකාරිත්වයේදී එකිනෙකට අනුකුල සංයෝජනයක් ඇති වේ. එමඟින් අනාගත ව්‍යාපාරික ආචාර ධර්ම බිඳ වැටීම් නිසා සිදුවන ව්‍යසනයන් වළක්වා ගැනීමටද හැකිවේ.
තම සේවකයන් සම්මන්ත්‍රණ වලට කැඳවා සමාගමේ ප්‍රතිපත්ති, විශේෂිත සිද්ධි අධ්‍යයනයන් , නීතිමය අවශ්‍යතාවයන් සහ ව්‍යාපාරික ක්‍රියාදාමයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන සමාගම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඇතැම් සමාගම් විසින් තමන්ද සමාගමේ හැසිරීම් නීති සංග්‍රහයට අනුකුලව ක්‍රියා කරන බවට ගිවිසුමකට අත්සන් කරනු ලබයි.
සිය සේවකයන් ව්‍යාපාරයේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීමට තුඩු දෙන වාතාවරණික සාධක පිළිබඳවද බොහෝ සමාගම් තක්සේරු කර බලයි.
ආචාර ධර්ම පාලනය කරන ආයතනික ප්‍රතිපත්තියට සියළු දෙනාම එකඟ නොවි ඔවුන් පවසන ආකාරයට එවැනි අවස්ථාවල සේවකයන්ට සිය තීන්දුවට අනුව ක්‍රියාකරන්ට ඉඩ දීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබිය හැකිය.
වෙනත් අය පවසන්නේ මෙය මූලික වශයෙන් ප්‍රායෝගික උවමනාව මත කරන්නක් බවත් එය හේතු කොට ගෙන ව්‍යාපාරයේ නීතිමය වගකීම අඩුවන බවත්ය. එසේම තමන් හොඳ ආයතනික සාමාජිකයෙකු බව පෙන්වා පොදු ජනතාවගේ හොඳ හිත දිනා ගැනීමේ අදහසින් මෙසේ කරන බවත් ඔවුහු අදහති. හැම අතින්ම බලන කළ සේවක පක්ෂය, නීත්‍යාකූලව ක්‍රියා කරන විට සමාගමට නඩු හබ වළක්වාගත හැකිවේ. එසේම අධිකරණයට ගියවිටකදී පවා සිය සේවකයා සමාගමේ ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා නොකළා නම් මෙවැන්නක් සිදුනොවන බවද සමාගමට කිව හැකිවේ.
සමහර විටක සමාගමේ ආචාර ධර්ම හා සමාගමේ සැබෑ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය බිඳී තිබිය හැකිය. මෙහිදී කළමනාකරුවන් විසින් මෙවැනි හැසිරීමක් ගැන ප්‍රකාශිතව නීති පනවා තිබුණත් නැතත් , විය හැකි නරකම දෙය නම් මෙය සමාගමේ සිදුකළ (වංචාවක්) ලෙසද පාරිභෝගිකයා විසින් සිතනට ඉඩකඩ තිබේ . වියහැකි හොඳම දෙය නම් මෙය සමාගමේ ව්‍යාපාරික මෙවලමක් ලෙසට පාරිභෝගිකයා විසින් අවබෝධ කර ගැනීමයි.
සැබැවින්ම සාර්ථක වීමට නම් පහත සඳහන් ආචාර ධර්ම ප්‍රතිපත්ති තිබිය යුතු බව ආචාරධර්මවාදීහු තර්ක කරති.
· වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කළමනාකරුවන්ගේ අනුමාන රහිත සහය ලැබිය යුතුය.
· කලින් කලට සිදුකරන වෙරගැන්වීම් වලදී එය වාචිකව මෙන්ම ලිඛිතව ලබාදිය හැකිය.
· කරන කටයුතු සේවකයන්ට අවබෝධ කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළහැකි ඒවා විය යුතුය.
· ඉහළ කළමනාකාරිත්වය විසින් අනුපිළිවෙලකට කළයුතු එකඟවීම් හා සංවර්ධනය කිරීම් සහිත අධීක්ෂණයක් පවත්වා ගත යුතුය.
මේ අනුව ඔබේ ව්‍යාපාරයට එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පනවාගත් සීමාවන් ඔස්සේ සම්ප්‍රදායක් ගොඩනගාගනිමින් හා ඒව සේවක මණ්ඩලයට හදුන්වා දෙමින් හෘද ශාක්ෂියට එකගව කටයුතු කරන්නේ නම් එය කදිම ආචාර ධර්ම මුල පිරීමක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. ඔබේ ව්‍යාපාරයේ විශේෂ ආචාර ධර්මයක් තිබේ නම් හෝ ඔබ සාර්ථකව අත්විදින අත්දැකීමක් ඇත්නම් කමන්ට් ඔස්සේ අන් අයටද දැනගැනීමට සලස්වන්න.
�




































bong da lu mình ghé thử cho biết vì thấy bạn bè hay nhắc mấy trang cập nhật bóng đá. Vừa vào đã thấy phần tỷ số trực tuyến nằm ngay khu đầu trang, chữ số và cách canh hàng nhìn rõ nên lướt nhanh vẫn bắt được diễn biến. Mình thích kiểu họ chia nội dung thành từng khối riêng, kéo xuống không bị dính hết vào nhau nên đỡ rối mắt. Màu sắc cũng vừa phải, không kiểu loè loẹt, cảm giác tập trung vào thông tin hơn là trang trí. Mình không ngồi lâu, chỉ xem sơ bố cục thôi nhưng thấy dùng ổn cho ai muốn cập nhật nhanh. Ấn tượng nhất vẫn là mấy box…
kèo nhà cái dạo này mình thấy nhiều người nhắc nên cũng bấm vào xem thử cho biết. Mình không rành soi kèo hay nhận định gì đâu, chủ yếu xem giao diện với cách họ trình bày thôi. Vào trang thấy họ chia nội dung theo từng khối khá rõ, kéo xuống không bị rối mắt. Lướt một chút là thấy có mấy bài kiểu nhận định trận Stjarnan vs Valur kèm giờ đá, nhìn phát biết ngay đang nói trận nào. Mình thích cái cảm giác thông tin được đóng khung gọn gàng, chữ không quá dày nên đọc lướt cũng ổn. Thanh menu nhóm mục đặt dễ nhìn nên chuyển qua lại nhanh, không phải mò lâu.…