top of page

බෞද්ධ ආර්ථික දර්ශනය

  • Feb 2, 2018
  • 3 min read


බෞද්ධ ආර්ථික දර්ශනයෙහි ධනයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ධනයේ උදව්වෙන් පුද්ගල ඡීවිතය සැපවත් කරගතයුතු බව, පිනවියුතු බව බුදුසමය පිළිගනියි. යහපත්ආර්ථිකයක් ඇත්තාට දෙමව්පිය, අඹුදරු,නෑදෑහිතමිතුරන්ට, අසල්වාසීන්ට තමසිතැඟිලෙස සංග්‍රහකළහැකිබවදක්වයි.යහපත්ආර්ථිකයක්නොමැති නැත්තාට, නිතරම ශෝකයෙන්, කාන්සියෙන් කාලය ගෙවීමට සිදුවේ. යහපත් ආර්ථිකයක් ඇත්තාගේ ඡීවිතය සුරක්‍ෂිත වෙයි. යම්කසි කරදරයක්, විපතක් ආවිට ඔහුට, තමාට ධනය ඇතැයි සතුටු වියහැක. එ‍හෙත් යහපත් ආර්ථිකයක් නැති තැනැත්තාට ‍ලෙඩක්, දුකක්, උපද්‍රවයක් පැමිණි කල්හි ඵයින් මිරිකී ගැලවීමේ ක්‍රමයක් නොමැතිව දුක්විඳීමට සිදුවේ.බුදුදහම සෑමවිටම යහපත් ආර්ථිකයක් සකසා ගතයුතු බව දක්වයි.

බුදුදහම ආර්ථික සුරක්‍ෂිතතාවෙහි අගය දන්නා දහමකි. ඵයහුදු පරලොවම සලකා දේශනා කරන ලද දහමක් නොවේ. ‍මෙලොව පරලොව උභයාර්ථයම අරමුණු කරගෙන දේශනා කරන ලද දහමකි. "දිට්ඨ ධම්ම සුඛ" එනම් මෙලොව යහපත තකකර "සම්පරාඉක සුඛ" හෙවත් පරලොව යහපත පමණක් සෙවීමට මිනිසා උනන්දු කල දහමක් නොවේ. එනම් "උභයත්ථං" දෙලොවම අභිවෘද්ධි සාධනයට උනන්දු කල දහමකි.

බුදුදහමේ පරලොව යහපත සඳහා මෙලොව යහපත පූඡා කළ යුතු බවක් කිසිවිටෙක නොඋගන්වයි. ආර්ථික සුරක්‍ෂිත තාවයකට හිමිකම් නොකියන තැනැත්තා නිතරම අසහනකාරීව ඡීවත් වෙයි. ඔහුට "කුසල් දහම්" කිරීමටවත් අවශ‍්‍ය "මානසික සන්සුන් බවක්" නැත. එසේම සමාඡ වගකීම් ඉටුකිරීමටවත් සරිලන ආර්ථික ශක්තියක් නැත. එනිසා ඔහුගේ දිවිය අතිශයින් කටුක වෙයි. මේ හේතු සාධක නිසා "දුප්පත්කම" ගිහි ඡනයාට දුකට කාරණයක් බව බුදු දහම පෙන්වාදෙයි. එය,

"දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"

යනුවෙන් දක්වා ඇත.

මෙයින් අදහස් වන්නේ, ධනය මිනිසාගේ ඡීවිතයේ වැදගත් පුරුෂාර්ථයක් බවත් නොවන වග අවධාරණය කළ යුතුව ඇත. ධනය නිෂ්ටාවක් (Goal) නොව, යම් නිෂ්ටාවක් සාධනය කර ගැනීමට ඇති මාධ්‍යයක් (Means) පමණි. හුදු ධනය පමණක් ගොඩගසා ගැනීමෙන් ප්‍රීතිය ළඟා කරගැනීමට නොහැකිය. ධනය ඇති තැනැත්තා තමා කා, බී ප්‍රීති වෙයි. එය "අත්තානං සුඛේති පීණේති" යනුවෙන් හැඳින්වේ. එසේම තම දෙමාපියන්, අඹුදරුවන්, ඥාතිමිත්‍රාදීන්, සේවක සේවිකාවන්ද පිනවයි. එසේම ආගමික උතුමන්ටද සංග්‍රහ කරයි. බුදු දහමට අනුව තමා ලද ධනයෙන් තමනුත් සැපවත් වී, අන් අයත් සැපවත් කිරීමට අනුදැන වදාළයි. ධනය යනු මිනිසාගේ උපකරණයකි, සේවකයකි. මිනිසා එහි ස්වාමියාය. ධනයට ගැතිව, දාසව, සමාඡයට අනර්ථකාරීව ඡීවත්වීම බුදුදහම අනුමත නොකරයි. එය,

"භෝගේ අගථි‍තෝ අමුච්ඡිතෝ අනඡ්ඣාපන්නෝ ආදිනව දස්සාවි"

යනුවෙනි.

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය ඉතා හොඳ දෙයකි. ධනය කොතරම් හොඳ වුවත් නරක පුද්ගලයා අතට ඒ ධනය පත්වූ කළ ඒ ධනයම භයානක දෙයක් බවට පත් වෙයි. මිනිසාට හානිකර දෙයක් බවට පත්වෙයි. මේ හේතු නිසා ධනය, ධාර්මිකව, අධාර්මික නොවී නිශ්පාදනය කළ යුතු බව දක්වයි. බුද්ධිමත් ලෙස ධනය පරිහරණය කිරීම, ප්‍රශංසා ලැබිය යුතු කටයුත්තක් බවත්, තණ්හාව පෙරටු කොට ගෙන කරන ධන පරිහරණය, බෞද්ධ ආර්ථික දර්ශනය හෙළා දකින අතර, ධනය පිළිකුල් නොකරයි. ධනය ධාර්මිකව උපයා පරිභෝග කළ යුතු බව දක්වයි.

ගෘහස්ථ සෑම අයෙකුම යොවුන් වියේදී ධනය නිපදවිය යුතුයි. ශක්තිය ඇති අවධියෙහි ධනය නිපද වූයේ නැතිනම්, මහලු වියට පත්කල දුඛිත ඡීවිතයක් ගෙවිමට සිදුවේ. ධනය හරිහම්බ කල, ධාර්මිකව යුතුකම් ඉටුකළ හා ඉටු කරමින් ධනය පරිභෝඡනය කරන්නාට, මරණයට පත්වන අවස්ථාවේ (නිරපේක්‍ෂව) තණ්හා රහිතව කලුරිය කළ හැකියි, බෞද්ධ ආර්ථික දර්ශනයේ එන එය, වැදගත් කාරණයකි.

බුදුදහම ධනය ඉපැයීමට විරුද්ධ නැත. එහෙත් එය ධාර්මිකව පරිහරණය කළ යුතු බව දක්වයි. බෞද්ධ ආර්ථික දර්ශනයේ දී, ලෞකික සැප ගැන බුදුන් දේශනා කර ඇත්තේ, "තමාට ධනය ඇති බව සිතීම" සැපතක් බවයි. බුදුන් වහන්සේ ඒ ධනය රැස් කරගතයුතු ආකාරය මෙසේ දක්වයි.

"උට්ඨාන විරියාධි ගතා -බහා බල පරිචිතා- සේදා වක්ඛිත්තා-ධම්මිකා ධම්ම ලද්ධා භෝගා"' යනුවෙනි. එනම්, උත්සාහයෙන්, විර්යයෙන්, බාහු බලය යොදවමින්, දහඩිය හෙළීමෙන්, ධාර්මික රැකියාවල නිරත වෙමින්, ධනය රැස්කළ යුතුය.

එසේම, ගිහියන් ලෙස ඡීවත් වීමට යෝග්‍ය වන්නේ මල නොතලා රොන් රැස්කරන බඹරෙකු සේ, ධනය රැස්කරන අය බව සිඟාලෝවාද සූත්‍රය සඳහන් කරයි."භෝගේ සංහර මානස්ස - භමරස්සේව ඉරියතෝභෝගා සන්නිච යං යන්තී - වම්මිකෝ වූප චීයතීඒවං භෝගේ සමාගන්ත්වා - අලමත්ථෝ කුලේ ගිහී"

යනුවෙනි.

බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය රැස්කිරීම පිණිස, වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්නායකය විය යුත්තේ, එහි ධාර්මිකව යෙදිය හැකිද යන්නයි. අනුන්ට හෝ තමන්ට හානියක් නොවන ධනෝපායන වෘත්තියක යෙදිය යුතුය. "ව්‍යග්ඝපඡ්ඡ" සූත්‍රයේ, සඳහන්වන පරිදි බුදුන් විසින් අනුමත, රැකියා හා ව්‍යාපාර කීපයකි. එනම්,

1.කෘෂිකර්මය 2. වෙළඳාම 3. පශු පාලනය 4.ධනු ශිල්පය 5. රාඡ්‍ය සේවය 4. ශිල්ප කලා'

එසේම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,

1. විෂ වර්ග වෙළදාම 2. අවි ආයුධ වෙළඳාම 3. මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5. වහල් වෙළදාම

ඉහත දක්වන ලද, නොකළ යුතු වෙළදාම් පහෙන් ඈත්ව, එනම් "මිත්‍යා ආඡීව" ගණයට වැටෙන පහත් ක්‍රියා වළින් ඈත්ව, ධාර්මික ඡීවන වෘත්තියක නියැලී, ධාර්මිකව ධනය රැස් කරගතයුතු බව, බුදු දහම දක්වයි.

ආශ්‍රිත ග්‍රන්ථ:

බෙලිගල්ලේ ධම්මඡෝති හිමි - " බෞද්ධ ආර්ථික දර්ශනය"

ඉන්ද්‍රාණි පෙරේරා - " කළමණාකරන සංකල්ප බෞද්ධ ප්‍රවේශයක්"

ඒ. එම් මනුරත්න - " බෞද්ධ ආර්ථික දර්ශනය"

උඩගල දෙණියේ සෝමරංසි හිමි -" බෞද්ධ ආර්ථික චින්තනය"

චන්දිම විඡය බණ්ඩාර, එච්. එම් මොරටුවේගම -" බෞද්ධ ශිෂ්ටාචාරය මූලධර්ම හා වංශකතාව"

 
 
 

4 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Jul 28

soi cau mb mình cũng kiểu nghe nhắc nhiều quá nên bấm vô coi thử cho biết thôi, không có định ngồi đọc kỹ hay soi từng mục gì đâu. Vừa vào cái thấy giao diện khá dễ chịu, nền thoáng và chia nội dung thành từng khối nên lướt xuống không bị rối mắt. Mình để ý mấy chỗ họ trình bày thông tin theo dạng bảng cột nhìn gọn, kiểu liếc phát là nắm được ý chính, đỡ phải căng mắt đọc chữ dài. Menu đặt ngay chỗ dễ thấy nên mình bấm qua lại vài lần vẫn biết mình đang ở đâu, không bị “lạc” trong trang. Nói chung cảm giác dùng nhanh, hợp kiểu chỉ ghé…

Like

Guest
Jun 16

Really enjoyed how easy this was to get through — no extra jargon, just straight to the point. I didn’t feel like I had to slow down and decode every paragraph, which is honestly rare. Halfway through I clicked around https://newimage.io/ out of curiosity, and it gave me the same kind of clean, no-drama feel where you can just find what you need without digging. What helped most here was the way everything’s split into small chunks, so you can skim for a minute, come back, and not lose the thread. Also appreciated that the page doesn’t feel cluttered while you scroll. The headings and short blocks make the layout feel super easy to follow.

Like

Guest
Jun 01

kuwindow.cc mình lướt thử cho biết thôi vì thấy bạn bè nhắc, chủ yếu xem giao diện có dễ dùng không. Vào trang cái là thấy menu để ngay trên đầu, mấy mục kiểu tin tức với hướng dẫn nằm rõ ràng nên bấm qua lại khá nhanh, không phải mò. Mình có đọc ké phần giải đáp thì họ giải thích chuyện kết quả dựa trên RNG nghe cũng dễ hiểu, viết ngắn gọn chứ không dài dòng. Cách trình bày dạng từng khối nội dung, câu hỏi tách riêng nên nhìn đỡ rối mắt, kiểu đọc lướt vẫn nắm được ý. Nói chung cảm giác giống một trang hỗ trợ được sắp xếp gọn gàng, nhất là phần…

Like

Guest
May 23

https://tylekeopro.com/ dạo này mình thấy nhiều người nhắc nên cũng bấm vào nghía thử cho biết, kiểu xem nhanh giao diện là chính chứ không có ngồi đọc kỹ. Vừa vào cái thấy trang nhìn khá sáng sủa, khoảng trắng vừa đủ nên lướt không bị ngợp. Mình để ý họ chia nội dung thành từng khối rõ ràng, kéo xuống là biết ngay đoạn nào đang nói về gì, không phải đoán. Cái mình thích nữa là thanh menu đặt dễ nhìn, bấm qua lại mấy mục cũng nhanh, không bị rối như vài trang khác. Nói chung cảm giác dùng nhẹ nhàng, hợp kiểu ai chỉ muốn xem qua rồi tính sau. Nhìn tổng thể thì bố cục…

Like
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page